UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

කළුතර දිස්ත්‍රික්කයේ කෘත්‍යාධිකාරි හා පරිවෙනාධිපති සංගමය මගින් 2010 වර්ෂයේ පවත්වන ලද දිස්ත්‍රික් අන්තර් පාරිවේණීක භාෂා හා සාහිත්‍ය තරගයේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමත්, පිරිවෙන් ක්‍ෂේත්‍රය තුළ විසි පස් වසරක් පුරා කරන ලද පුළුල් සේවය අගය කරමින් උපහාර තිළිණ ප්‍රදානයක් හොරණ විද්‍යාරත්න පිරිවෙන්හිදී පැවැත්විණි. එහිදී අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා විසින් හොරණ රාජ මහා විහාරයේ භාරකාර කොබවක සීවලි හිමිපාණන් වෙත උපහාර තිළිණය පිළිගැන්වූ අවස්ථාව.
හොරණ සමූහ බන්ධුල ආර්. ගුලවත්ත

2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ලොවටම සෙත් පැතීමේ මහ පින්කම සඳහා නිර්මාණය කරන ලද ‘ලෝක ගෝලය’ වෙසක් දිනට පෙර දින බොරැල්ල කෝට්ටේ පාරේ, ශ්‍රී ජයවර්ධනාරාමය වෙත රිය පෙරහරකින් පැමිණි මහනුවර නෙළුම් සුවඳ ජාතික සංවිධානයේ සභාපති සම්පත් සමරකෝන් මහතා වෙත, මේ සංකල්පයේ නිර්මාතෘ ප්‍රකට තාරකා විද්‍යාඥ , විද්‍යාකීර්ති අනුර සී. පෙරේරා, මහතා විසින් භාරදෙනු ලැබූ අවස්ථාව. මෙම උත්සවය සඳහා විජේරත්න බී. වීරසූරිය, චන්ද්‍රසේන නානායක්කාර යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.

අම්පාර දීඝවාපී විහාරස්ථානයේ නව විශ්‍රාම ශාලාව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා අතින් විවෘත වූ අවස්ථාව ආහාර හා පෝෂණ අමාත්‍ය පී.දයාරත්න මහතාද මෙහි වෙයි.
ඡායාරූප - නන්ද ඒකනායක, කෝට්ටේ මධ්‍යම සමූහ

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 30 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.50 ලබයි.
ජූලි 01 වන දා සිකුරාදා අපර භාග 02.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූලි 08 වනදා
සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]