UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම :-

තල්ගස්වැවේ විමලසාර නාහිමි

ගිහි නම :- පී .සුද්ධාහාමි

වැඩවසන පන්සල :-
දුටුගැමුණු රජ මහා විහාරය හල්මිල්ලගල, නොච්චියාගම

උපන් දිනය :- 1929.11.02

පියා :- රංහාමි විදානෙගේ පිංහාමි

මව :- එන්. කිරිඑතනා

මූලික අධ්‍යාපනය –
තල්ගස්වැවේ රජයේ විදුහල

උසස් අධ්‍යාපනය :-
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පිරිවෙන් සාහිත්‍යාචාර්ය උපාධිය,
ප්‍රාචීන පණ්ඩිත උපාධිය,
කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි බෞද්ධ අධ්‍යාපන ඩිප්ලෝමාව,
විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ බුද්ධ ධර්ම සහතික පත්‍ර විභාගය.
බුරුම අභිධර්ම විභාගයේ සාමාන්‍ය හා විශේෂ සහතික පත්‍රය
ශ්‍රී ලංකා ශාස්තී‍්‍රය මහා සංගමයේ පණ්ඩිත විභාගය ශාස්ත්‍රාචාර්ය

පැවිදි වූ දිනය – 1941 පොසොන් පෝදා

ආචාර්යන් වහන්සේ –
වැලිවැවේ ශ්‍රී රතනපාල මහා ස්වාමීන් වහන්සේ

උපසම්පදා වූ දිනය:-
1952 ජුනි මස සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ උපෝෂථාගාරයේ දී

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් :-
1955 සිට 1963 දක්වා කුරුණෑගල අංගම්ගල ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙනේ ගුරුවරයෙකු හා පරිවේනාධිපති වශයෙන් සේවය කිරීම
1963 සිට 1989 දක්වා රජයේ පාසල් වල ගුරුවරයකු වශයෙන් සේවය කිරීම
1950 සිට 1989 කුරුණෑගල කවුඩාවත්ත විවේකාරාමය, මහමාන්කඩවල පුරාණ විහාරස්ථානය, හේනමුල්ල
සුගත රත්නාරාමය, යන ස්ථානවල පිහිටි දහම් පාසල්වල ඉගැන්වීම.
උතුරු මධ්‍යම දිසාවේ උප ප්‍රධාන සංඝ නායකපදවියට පත්වීම .
හල්මිල්ලගල දුටුගැමුණූ රජමහා විහාරස්ථානයට අනුයුක්තව 1997 ශ්‍රී රතනපාල නමින් පිරිවෙන් මධ්‍යස්ථානයක් ආරම්භකොට පවත්වාගෙන ඒම.

විහාර ගණයේ විහාරස්ථාන :–

1. නොච්චියාගම බෞද්ධ මධ්‍යස්ථානය
2. නොච්චියාගම ළිඳවැව ශ්‍රී විමල විශුද්ධාරාමය
3. මහමාන්කඩවල පුරාණ විහාරස්ථානය
4. කුරුණෑගල කවුඩාවත්ත විවේකාරාමය

තනතුරු-

1. උතුරු මධ්‍යම දිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය .
2. ශ්‍රී රතනපාල පිරිවෙන් කෘත්‍යාධිකාරිත්වය

වෙනත් සේවා -
1950 – 1989 දක්වා දහම් පාසල් සේවය ගුවන් විදුලි ධර්ම දේශනා,
ප්‍රදේශයේ රෝහල්වල ධර්ම දේශනා
මෙන්ම මරණාධාර සමිති වැඩිහිටි සමිතිවලට අනුසාශනා පැවැත්වීම මාර්ගෝපදේශකත්වය ලබාදීම
අසරණ දරුවන්ට උතුම් පැවිද්ද ලබාදී පිරිවෙන් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු කිරීම

ඉලන්දගස්වැවේ ශීලවිශුද්ධි හිමි

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 30 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.50 ලබයි.
ජූලි 01 වන දා සිකුරාදා අපර භාග 02.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූලි 08 වනදා
සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]