Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

53 වන කොටස

232)
වචීපකොපං රක්ඛෙය්‍ය - වාචාය සංවුතො සියා
වචී දුච්චරිංතං හිත්වා – වාචාය සුතරිතං චරේ

වචනයේ සංවරය – ඉතාමත් වැදගත් ය- අසංවර වචනයෙන් යහපතක් සිදු නොවේ.
හිතවතුනි, වචනයෙන් - සුසංවර තැනැත්තා - කිසිම සැකයක් නැතිව - වැදගතෙකු වන්නේ ය.

233)
මනොපකොපං රක්ඛෙය්‍ය - මනසා සංවුතෝ සියා
මනෝ දුච්චරිතං හිත්වා - මනසා සුචරිතං චරෙ

මනස සංවර වීම – ඉතාමත් වැදගත්ය - සුසංවර වූ මනස දෙලොව සැප ලබා දෙයි.
හිතවතුනි, අසංවර – මනස යහපත් නොවේ – අසංවර මනසකින් යහපතක් සිදු නොවේ.

234)
කායෙන සංවුතා ධීරා -අථො වාචාය සංවුතා
මනසා සංවුතා ධීරා– තෙ වෙ සුපරිසංවුතා

නැණවත්හු තුන් දොරින් - සුසංවර වන්නේ ය - සුසංවර තැනැත්තෝ - ලෝකයට සම්පතකි
හිතවත්නි, සංවරය - සියලු ජය ලබාදෙයි. -දෙලොව සැප වඩාලයි. සසර මග කෙටි කරයි.

මතු සම්බන්ධයි


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.