UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දූනාගහ ගල උඩ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය


සියවසක් පැරැණි චෛත්‍ය රාජයාණන් වහන්සේ

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දූනාගහ මංසන්ධියේ සිට නිල්පනාගොඩ දෙසට සැතැපුම් භාගයක් පමණ යන විට මෙම මනරම් විහාරස්ථානය හමුවේ. මෙම විහාරස්ථානය සියවසකට වඩා පැරැණි සිද්ධස්ථානයකි.


පැරැණි බෝධීන් වහන්සේ

මෙම විහාරස්ථානයේ ඇති චෛත්‍ය රාජයාණන් වහන්සේට මේ වසරේ ජුනි 20 දින වන විට වසර 100 සපිරේ. ඒ නිමිත්තෙන් පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරාධිපති දූනාගහ ධම්මෝදය හිමිපාණන් ප්‍රමුඛ දායක සභාව තීරණය කොට ඇත.

සුවිසල් බෝමළුවකින් , දැකුම්කළු මහා සෑයකින්, මනරම් බුදු මැදුරකින්, ඉපැරණි අලංකාර ධර්ම ශාලාවකින් සහ දෙමහල් සංඝා වාසයකින් සහ නව දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලකින් ද සමන්විත මෙම විහාරස්ථානය යාබද ගම් හතරක දායක දායිකාවෝ සිටිති. මෙම අලංකාර විහාර මන්දිරයට එවකට කෘෂිකර්මාන්ත ඇමතිව සිටි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා විසින් මුල්ගල තැබූ බව පැවසේ. විහාර මන්දිරයේ චිත්‍ර ප්‍රතිමා සුප්‍රකට චිත්‍ර ශිල්පී එම්. සාර්ලිස් මාස්ටර් විසින් නිර්මාණය කර තිබේ. 1864 බක් මස 07 දින මෙම විහාරස්ථානය ආරම්භකොට ඇති අතර, 1881 දී මෙහි භික්‍ෂූන් වහන්සේ වස් වැසීම ආරම්භ කොට ඇත.


විහාරාධිපති දූනගහ ධම්මොදය ස්වාමින් වහන්සේ

මෙම විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ වශයෙන් මැද උයන්ගොඩ ධම්මවංශ මහා ස්වාමින් වහන්සේ ද, කැලෑපිටිමුල්ලේ සංඝපාල ස්වාමින් වහන්සේ ද, අනතුරුව කෙහෙල්ඇල්ලේ ආරියවංශ ස්වාමින් වහන්සේ ද කටයුතු කළහ. වත්මනෙහි දූනාගහ ධර්මෝදය ස්වාමින් වහන්සේ විහාරාධපතිව වැඩ වෙසෙමින් ප්‍රදේශයට ඉතා විශාල ශාසනික සේවයක් කරනු ලබති.


ධර්ම ශාලාව

මෙම විහාරස්ථානයේ උස්වූ ගල්කුලමත ඉදිකර ඇති මනරම් චෛත්‍යරාජයාණන් වහන්සේ 1910 දී බාරොන්චි අප්පුහාමි උපාසක මහතා ප්‍රමුඛ දායක භවතුන් විසින් ඉදිකළ බව එහි ප්‍රදර්ශනයට වන ශිලා ලේඛනයක සඳහන්ව ඇත.

මෙම විහාරස්ථානයේ වැඩ විසූ අරියවංශ හිමියන්ගේ ඇවෑමෙන් සංඝපාල හිමිපාණන්ගේ ශිෂ්‍යනමක්ද වත්මන් විහාරාධිපති දූනාගහ ධම්මෝදය හිමිපාණන් 1996 මෙම විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන් පත්වූහ. මෙම හිමිපාණන්ගේ යුගය තුළ ආරියවංශ ගුණානුස්මරණ සංඝාවාසය බෝධින් වහ්නසේ වටා අටවිසි බුද්ධරූප සහිත ප්‍රාකාරය, දොළොස් මහ පහන සහ අලංකාර සාංචි තොරණ ඉදි කළ අතර, දැනට රුපියල් ලක්‍ෂ 60 ක් පමණ වැයකොට අභිනව දෙමහල් ගොඩනැගිල්ලක් දහම් පාසල වෙනුවෙන් ඉදිකර ඇත. 1958 දී මෙම විහාරස්ථානයේ ආරම්භ කළ දහම් පාසල සංඝපාල හිමිපාණන්ට උපහාරයක් ලෙස ශ්‍රී සංඝපාල දහම් පාසල යනුවෙන් නම් කර තිබේ.


මුචලින්ද නාග දරණය

වත්මන් විහාරාධිපතින් වහන්සේ පොදුවේ මෙම දේශයට කරන්නාවූ ශාසනික සේවා වෙනුවෙන් ලැබූ සම්මාන අපමණ ය. ඒ නිසාම සිරි ධම්මවංශ වංසාලංකාර, වංශාවතංස , විචිත්‍රභානක, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පාලක සංඝ සභික, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සංඝ සභාවේ අනුවිජ්ජක, දිවුලපිටිය ප්‍රාදේශීය සාසනාරක්‍ෂක බල මණ්ඩලයේ අංක 1 කලාපයේ ගරු සභාපති තනතුරින්ද පිදුම් ලබා ඇත.


විහාර මන්දිරය තුළ දර්ශනයක්

මිනුවන්ගොඩ සිට බඩල්ගම බස් රථයෙන් පැමිණ දූනාගහ ගල උඩ පන්සල අසලින් බැසීමෙන් මෙම මනස්කාන්ත තපෝවනයක් බඳු විහාර භුමියට පිවිසිය හැක. ස්වභාවික ගලෙහි පිහිටා ඇති පොකුණු වලින්ද සමන්විත මෙම විහාර භූමිය ස්වභාවික සෞන්දර්යයේ තෝතැන්නක් බඳු යැයි සිතෙයි.

 

 

 

 

 

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජූනි 23 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.12 ට ලබයි. 24 වන දා සිකුරාදා පූර්ව භාග 06.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]