UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් නව බුදු මැදුරක් පානදුර වදුරාමුල්ල කනිටු විදුහලේදී නිරාවරණය කැරිණි. විශ්‍රාමික පාඨශාලාචාර්ය ජී.ජී.ඩී. ශ්‍රී ලාල් මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් එම බුදු මැදුර ඉකුත් 05 දින නිරාවරණය කැරිණි.

තලවතුගොඩ පදිංචි ලීලා අබේවර්ධන මහත්මිය විසින්, නාවල විසූ ස්වාමිපුරුෂයා වූ වෛද්‍යාචාර්ය විල්ෆ්‍රට් අබේවර්ධන මහතාට සහ පරලොව සැපත් මෑණියන් වන මිසිනෝනා උපාසිකා මාතාවට පින් පිණිස රන් ආලේපිත ධාතු කරඬුවක් තලවතුගොඩ ශ්‍රී සුගතාරාමාධිපති මෙදේරිපිටියේ තපස්සී හිමියන් වෙත පසුගිය වෙසක් පෝදා පූජා කළ අවස්ථාව. හඟුරන්කෙත චන්දරතන හිමියෝද මෙහි වෙති.

මඩිහ ශ්‍රී වීරතුංගාරාම විහාරස්ථානයේ පැරැණි ධර්ම ශාලාව එංගලන්ත ජාතික ඩේවිඩ් පෝප් මහතාගේ සහ නෙරේසා මාර්ටින් මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් ප්‍රතිසංස්කරණය කොට පුස්තකාලයක් ද සහිතව විවෘත කිරීම පසුගියදා සිදු කැරිණි.

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරනු වස් සීමාසහිත පානදුර සුහද සේවා සමිතියේ සාමාජිකයින් විසින් සාමාජිකයින්ගෙන් එකතු කර ගන්නා ලද මුදල් ආධාරයක්, පානදුර හිරණ පාරේ ඒජන්ත වංගුව අසල සුහද මාවතේ පරණවත්ත විහාරස්ථ බෝධි ප්‍රාකාරයේ වැඩ නිමකර ගැනීම සඳහා වෙසක් පෝදා මුදිතවංශ හිමියන් වෙත සමිතිය වෙනුවෙන් එහි අනුශාසක ජයසිරි කෝට්ටගොඩ මහතා විසින් ප්‍රදානය කරන ලදී. එහි අනුශාසක නීතිඥ යූ.ඩී. පියසේන, සභාපති, ඒ.පී. විජේවර්ධන, ලේකම්, එම්.කේ.ඩී. ආරියදාස, කේ. ජයතිලක, ආර්.ඒ. ප්‍රේමරත්න, ඩී. දයාරත්න යන මහත්වරුන් ද සහභාගී වූහ.

 

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජූනි 23 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.12 ට ලබයි. 24 වන දා සිකුරාදා පූර්ව භාග 06.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]