UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවෙන්...
 


මිහින්තලා මහා සෑය විදුලි ආලෝකයෙන් ආලෝකවත් වූ අයුරු

උත්සවයට වැඩම කළ මිහින්තලා රාජ මහා විහාරාධිපති
නාමල්වැවේ ශ්‍රී රතනසාර නාහිමියන් ඇතුළු මහ සඟරුවන

ඓතිහාසික මිහින්තලා පුද බිමේදී ලේක්හවුස් ආයතනය 49 වන වරටත් පවත්වන ලද මිහින්තලා ආලෝක පූජාව ඉකුත් 14 වැනිදා ආරම්භ කැරිණි. ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් අබාන්ස් ආයතනයේ බැති බර දායකත්වයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතින් (14) ලේක්හවුස් මිහින්තලා විදුලි ආලෝක පූජාව විවෘත වූ අවස්ථාව. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නීති අධ්‍යක්ෂ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා ඇතුළු පිරිස ඡායාරූපයේ වෙති.
එම අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්, නීති අධ්‍යක්ෂ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර, අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනෙවිරත්න, අතිරේක දිසාපති කේ.බී. හෙටිටිආරච්චි, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් මංජුලා මඩහපොළ, ලංකා විදුලිබල මණ්ඩලයේ උතුරුමැද පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ග්‍රේෂන් මුතුකුඩආරච්චි, ලේක්හවුස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කේ. ජී. එස්. ගාමිණී, ආයතනික සබඳතා ප්‍රධානී වරුණ මල්ලවාරච්චි, මෙහෙයුම් කළමනාකාර මහේන්ද්‍ර රොඩ්‍්‍රගෝ, විශේෂ ව්‍යාපෘති කළමනාකාර ඩී.එස්. ඉලේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගි වූහ.

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ දෙවන දිනය වූ පොසොන් පෝදා විදුලි ආලෝක පූජාව විවෘත කිරීම උතුරුමැද පළාත් ආහාර සමුපකාර, ග්‍රාම සංවර්ධන, නිවාස හා පේෂකර්ම ඇමැති එච්.බී. සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, මහා භාරකාර සරත් සෙනවිරත්න හා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරතන සෙනරත් මහත්රුන් අතින් සිදු කළ අවස්ථාව.
ලංකා විදුලිබල මණ්ඩලයේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු බුද්ධික හෙට්ටිආරච්චි, අනුරාධපුර අතිරේක දිසාපති කේ. බී. හෙට්ටිආරච්චි, අබාන්ස් ආයතනයේ සාමාන්‍යාධිකාරි ධම්මික ප්‍රසන්න යන මහත්වරුද එම අවස්ථාවට සහභාගි වූහ.

49වැනි වරටත් පැවැත්වූ ලේක් හවුස් මිහින්තලාආලෝක පූජාවේ තෙවැනි දිනය (16) ගොවිජන සේවා ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා අතින් විවෘත වූ අයුරු. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනෙවිරත්න, හිටපු දිසාපති එච්.එම්.කේ. හේරත් මහා භාරකාර සරත් සෙනෙවිරත්න යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සංවිධානය කරන ලද සීල සමාදානයට සහභාගි වූ පිරිස්, ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරතන සෙනරත් මහතා ඇතුළු නිලධාරීහු මෙහි වෙති.
ඡායාරූප- කිත්සිරි වනසිංහ

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජූනි 23 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.12 ට ලබයි. 24 වන දා සිකුරාදා පූර්ව භාග 06.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]