UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම :-
එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝ නායක ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කඹුරාවල සිරි රේවත නා හිමි

වැඩ වසන පන්සල :-
ස්කොට්ලන්ත බෞද්ධ විහාරය, ස්කොට්ලන්තය.

උපන් දිනය :- 1971 අප්‍රේල් මස 28 දින

පියා :- ගුණවර්ධන අමරසේකර මහතා

මව :- කුසුමා අමරසේකර මාතාව

සහෝදර සහෝදරයින් :- සහෝදරියන් තුන් දෙනෙක් පමණි.

ගිහි නම :- හර්ෂ කීර්ති

මූලික අධ්‍යාපනය :- කඹුරාවල මහා විද්‍යාලය

උසස් අධ්‍යාපනය :-
ශ්‍රී ධර්මපාල මහ පිරිවෙන පණ්ඩිත උපාධිය දක්වා 1992 උසස් පෙළ විභාගයෙන් ලංකාවේ වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යා ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් සහිතව සංස්කෘත විශේෂ උපාධිය ලබාගැනීම පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරා තිබීම.

2000 දී බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය කැලණිය විශ්ව විද්‍යාලයෙන් ලබා ගැනීම.

ස්කොට්ලන්ත strachlyde විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපන ප්‍රති උපාධිය හැදෑරීම (වර්ෂ 2003 )

අන්තර් ආගමික අධ්‍යයන සඳහා ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳව ස්කොට්ලන්ත විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවක් ලබා තිබීම.

උතුරු වේල්ස් බැන්ගර් විශ්ව විද්‍යාලයෙන් විද්‍යාපති උපාධිය සඳහා සතිපට්ඨාන භාවනාව පිළිබඳව පාඨමාලාවක් හදාරා තිබීම.

ආචාර්ය උපාධිය සඳහා සතිපට්ඨාන භාවනාව හැදෑරීම (විසාදියෙන් පෙළෙන රෝගීන් 43 ක් යොදාගෙන පර්යේෂණ කටයුතු කිරීම.)

පැවිදි වීම :- 1981 දෙසැම්බර් මස 03 දින.

උපාධ්‍යයන් වහන්සේ :- ලබුගම ශ්‍රී ලංකානන්ද මහා නාහිමිපාණන් වහන්සේ හා කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රි ධර්ම සංඝ සභාවේ මහානායක බෙල්ලන ඥානවිමල මහා නාහිමි.

ආචාර්යන් වහන්සේ :- ශ්‍රී ධර්මපාල පිරිවෙනේ විහාරාධිපති බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක මාලේවන පුණ්‍යරතන නාහිමි.

උපසම්පදා දිනය :- 1991 ජූලි මස 22 කෝට්ටේ රාජ මහා විහාර උපෝෂතාගාරයේදී

පැවිදි දිවියේ වැදගත් සිදුවීම්:- ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ විහාරාධිපති වීම.
බෙල්ලන ධර්මපාල මහ පිරිවෙනේ පරිවේණාධිපති වීම.

පළ කළ කෘති :- වසර 2000 දී “මනෝකාය ගුප්තාකර්ෂණ සහ අන්තරාභවය”
“නැණ විමල නැණ පහණ”
“මයින්ඩ් පුල් ජර්නි”
 

විදේශ ධර්ම දූත සේවය
අමෙරිකාව :-
ධම්මපදය ඇසුරින් වේදිකා නාට්‍ය නිර්මාණය කර ප්‍රචාරය කිරීම.

ජපානය :- සතිපට්ඨාන භාවනාව මානසික රෝගීන්ට ප්‍රතිකාර වේදයක් ලෙස යොදාගෙන වැඩමුළු පැවැත්වීම.

ඊශ්‍රායලය, පලස්තීනය, ස්පාඤ්ඤය යන රටවල අන්තර් ආගමික වැඩසටහන් වලදී බුදු දහම නියෝජනය කිරීම.

තනතුරු :– කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව මගින් එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීම ( 2009 වර්ෂය )
ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ බෞද්ධ උපදේශක ලෙස 2008 වර්ෂයේදී පත්වීම ලැබීම ( එහිදී බෞද්ධ දර්ශනය පිළිබඳව පාඨමාලාවන් හඳුන්වා දීම. )
2007 වර්ෂයේ දී ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ බෞද්ධ උපදේශක වශයෙන් පත්වීම.
2009 වර්ෂයේදී ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව ඇමතූ ප්‍රථම ශ්‍රී ලාංකික භික්‍ෂුව වීම.
ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක් ලෙස කටයුතු කිරීම.
බෙල්ලන ශ්‍රී ධර්මපාල මහ පිරිවෙණේ පරිවේනාධිපති වීම.

වෙනත් : ස්කොට්ලන්තයේ පාසල් ගුරුවරුන්ට බුදු දහම ඉගැන්වීම පිළිබඳව පුහුණු පාඨමාලා පැවැත්වීම.
ථෙරවාදී බෞද්ධ විහාරස්ථානයක් නොතිබුණ ස්කොට්ලන්තයේ “ස්කොට්ලන්ත බෞද්ධ විහාරය” නමින් ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරය ආරම්භ කිරීම.

ලංකාව සුනාමි උවදුරට පත්වූ අවස්ථාවේ ස්කොට්ලන්ත රජයෙන් ආධාර ලබාගෙන ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල මනෝ උපදේශන සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සහ ස්වාමි පුරුෂයා අහිමි වූ කාන්තාවන් 450 කට ස්වයං රැකියා සඳහා ආධාර ලබා දීම.

බෙල්ලන “ළමා සංවර්ධන මධ්‍යස්ථානයක්” ආරම්භ කොට මානසික රෝග වලින් පෙළෙන දරුවන්ට නේවාසික ප්‍රතිකාර ලබා දීම.

2010 දී ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව ලංකාවේ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශාඛාවක් ආරම්භ කිරීම හා එහි අධිපතිත්වය දැරීම.

විදේශීය ධර්ම ප්‍රචාරක සඳහා භික්‍ෂූන් වහන්සේලා පුහුණු කිරීම බෙල්ලන ධර්මපාල මහා පිරිවෙනේ සිදු කිරීම.

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජූනි 23 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.12 ට ලබයි. 24 වන දා සිකුරාදා පූර්ව භාග 06.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]