UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ඉසුරු උදාන ළමා ගිණුමක්

අපේක්ෂා ශ්‍රී ලංකා සංවිධානය මහජන බැංකුව සමඟ මිහිමෙත් දරැවන් සොයයි

දෙදහස් හයසීය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව 2011 මැයි මස 17 වන වෙසක් පුන් පොහෝදා මෙලොව එළිය දුටු සියලුම බිලිඳු දරු දැරියන් උදෙසා රුපියල් 2000 බාල වයස් ඉසුරු උදාන ළමා ගිණුම ජනහද හඳුනන මහජන බැංකුව කේන්ද්‍රිය කැරගෙන අපේක්ෂා ශ්‍රී ලංකා සංවිධානය මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරේ.

එම උතුම් සත්කාර්යේ නිර්මාතෘ මහනුවර හිදඟල රජමහා විහාරයේ භාරකාර මානව අපේක්ෂා සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂ (අපේක්ෂ ශ්‍රී ලංකා) ගෞරව ශාස්ත්‍රවේදී සංසුන්ගම ඤාණරතන හිමියෝ මෙසේ පැවසූහ.

අපේක්ෂා ශ්‍රී ලංකා සංවිධානයේ මූලික අරමුණ මෙසේය.


සන්සුන්ගම ඤාණරතන හිමි
සම්බුද්ධරාජ විහාරය,
වල්ගම - හන්දෙස්ස

දීප ව්‍යාප්තව ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් පුද්ගල දිළිඳුභාවය තුරන් කැර ඉතිරි කිරීමේ කාර්ය සමාජගත කිරීම මුඛ්‍ය පරමාර්ථය වේ. මෙම වැඩසටහන බුදුදහම මුල්කැරගෙන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. මෙහි ඇති විශේෂත්වය 2600 සම්බුද්ධත්ව ජයන්තිය අනුස්මරණය කැරෙන 2011 මැයි මස වෙසක්පුන් පොහෝදා උපන් බිලිඳු දරු දැරියන් පෙරටු කැරගෙන සමස්ත මානව සමාජයටම යම් ආදර්ශයක් ගෙනහැර දැක්වීමයි.

බුදු දහමේ ප්‍රධාන අපේක්ෂාව ලෞකික හා ලෝකෝත්තර ජීවිතයේ යථාර්ථය අවබෝධ කැර දීමයි. මිනිසාගේ ලෞකිකත්වය අර්ථවත් කැර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ධනය මහෝපකාරී වේ. මිනිස් සමාජයේ ඇතැම් පිරිස් ලෞකිකත්වය පරිපූර්ණ කැර ගැනීම සඳහා දක්වන උනන්දුව ප්‍රමාණවත් නොවේ. බුදුදහමේ ඉගැන්වීම්වලට අනුව ලෞකික හා ලෝකෝත්තර දියුණුව එක හා සමානව පිළිගැනේ. විශේෂයෙන්ම ලෞකික දියුණුවක් උදාකැර ගත් පුද්ගලයෙකුට ලෝකෝත්තර දියුණුවක් උදාකැර ගැනීම එතරම් දුෂ්කර කාර්යයක් නොවන්නේ ය.

යම් සමාජයක දරිද්‍රතාවය පැනනැගීමට විශේෂයෙන්ම පුද්ගල දිළිඳුභාවය තදින්ම බලපානවා. යහපත් ආර්ථිකයක් ඇති ජන සමාජයක් බිහිකර ලීමට ඉතුරු කිරීමේ ක්‍රමවේදයන් හඳුන්වා දීම වැදගත් වේ. එය බුදු දහමට අනුව ක්‍රියාත්මක කිරීම කාලෝචිත ක්‍රියාදාමයකි. බුදුරජාණන් වහන්සේ එය වරක් මෙසේ පහදා දුන් සේක. හරියට වේයා තුඹස බඳින්නේ යම් සේද ඒ අනුව මුදල් ඉතිරි කිරීම කළ යුතුයි. එම කාර්යයම තවත් වරක් බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේද මෙසේ පෙන්වා දුන්හ.

එකේන භෝගෙ භුඤ්ජ්‍යෙය
ද්විහි කම්මං පයෝජයෙ
චතුතථංච නිධාප්‍යෙය
ආපදාසු භවිස්සති

යම් කෙනෙකු උපයාගත් ධනය කොටස් හතරකට බෙදා ගැනීම කළ යුතුයි. එයින් පළමුවැනි කොටස පරිභෝජන කටයුතු සඳහාද, තවත් කොටස් දෙකක් අනාගත අභිවෘද්ධිය සඳහාද හතරවැනි කොටස මතු ආරක්ෂාව වෙනුවෙන් තැන්පත් කිරීමද වැදගත් වේ.

මෙම බුදු වදන් මුල්කැරගෙන සමාජයේ දරිද්‍රතාවය පිටු දැකීමට හැකිය. ඒ එසේම පුද්ගල ඉතිරිකිරීම් ක්‍රමවේදයන් දියුණු කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිම අප සංවිධානය බුදුදහම පදනම් කැර ගෙන ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වේ.


ශාඛා කළමනාකාරිනි
රෝහිනී චන්ද්‍රලතා
මහජන බැංකුව - පිළිමතලාව

වත්මන් රජය ක්‍රියාත්මක කැර ඇති කඩිනම් සංවර්ධන ක්‍රියාදාමයන්ට සහයෝගය දැක්වීමට නම් රටේ ආර්ථිකය සමග ජනතාව අත්වැල් බැඳ ගැනීම මහඟු ශක්තියකි. ශ්‍රී ලංකාව අප කාගේත් මාතෘ භූමියයි. යුද්ධයෙන් ජයගත් අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම අප කාටත් පැවැරී ඇති සුවිශේෂි වගකීමක් වේ. ‘මිහිමෙත් දරුවෝ’ නමින් යාවත් කාලීනව මෙම ගිණුම මහජන බැංකුව මුල්කැර ගෙන පවත්වා ගෙන යෑමට අපේක්ෂා කරනවා.

මිහිමෙත් දරුවෝ යන්නෙහි තේරුම මහ පොළාවට ආදරය කරන්නෝ යන්නයි. වැදූ මවත් හැදු රටත් පණමෙන් සුරැකීම අපගේ පරමාදර්ශය විය යුතුයි. එයට ජාති, ආගම්, කුල, පාට පක්ෂ හා පළාත් භේදයක් නොතිබිය යුතුයි.

ශ්‍රී ලාංකික සියලු ජන කොටස් මෙවැනි පුළුල් අරමුණු කරා යොමු කැරවීම අපට අයත් කාර්යයක් වේ. නගරය දෙස බලන කෝණයෙන් ගම දෙස නොබැලිය යුතුයි. ඒ අනුව තීරණ ගැනීමද එතරම් පලදායි නොවේ. මේ අය දැනුවත් කිරීම සියලු දෙනාටම පැවරී ඇති සුවිශේෂ වගකීමකි.

මොවුන්ගේ සුබ සාධන කටයුතු ඉටුකැරදීම උතුම් ගුණාංගයකි. රජයකට පමණක්ම මිනිසුන්ගේ සියලු අවශ්‍යතාවයන් ඉටුකැරලීමට අපහසුය. සමාජයේ ඉදිරි ගමන හරිහැටි අවබෝධ කැර ගෙන යම් සංවිධානයක් ක්‍රියාත්මක වේ නම් එම සංවිධානයට රජය පවා උදව් උපකාර කිරීමට ඉඩ ඇත. අපේ සමාජයේ ප්‍රධාන අපේක්ෂාව ආර්ථික වශයෙන් සුඛිත මුදිත ජන සමාජයක් බිහිකැරලීමයි. ඒ අනුව පුද්ගල ඉතුරුම් වැඩ සටහන සාර්ථකව ක්‍රියාත්මක කරනවා.

විවිධ අභියෝග බාධක හමුවුවත් අපේ මාතෘ භූමියට ආදරය කරන සැබෑ දේශපේ‍්‍රමීන්, කලාකරුවන්, ජනමාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයන්, ආගමික නායකයන්, හා දේශපාලනඥයන් අප සමග අත්වැල් බැඳගන්නා බව අපි විශ්වාස කරන්නෙමු.


ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා විසින් පළමු චෙක්පත ප්‍රදානය කිරීම

විශේෂයෙන්ම මෙම වැඩසටහන සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා මුල්‍ය කළමනාකරණ පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති රාජ්‍ය මුල්‍ය ආයතනයක් වූ මහජන බැංකුව තෝරා ගන්නේ දැඩි ප්‍රසාදයකිනි.

මහජන බැංකුවේ සභාපති ඩබ්ලිව්. කරුණාජීව මහතාගේ සිට ඉතාම සුළු සේවකයා දක්වා සිිටින සේවක සේවිකාවන් දක්වන උනන්දුව විශේෂයෙන්ම අගේ කළ යුතුයි. ඒවාගේම පිළිමතලාව ශාඛා කාර්යාලයේ ප්‍රධාන කළමණාකාරිනි රෝහිණී චන්ද්‍රලතා මහත්මියගේ මග පෙන්වීම කෘතඥතාපූර්වකව සිහිපත් කළ යුතුයි.

මහජන බැංකුව කේන්ද්‍රීය කැර ගෙන වෙසක් පුන් පොහෝදා මෙලොව එළිය දුටු බිලිඳු දරු දැරියන්ට රුපියල් 2000 බැංකු ගිණුමක් විවෘත කිරීමට මේ අනුව අප තීරණය කෙළෙමු.

එම සත්කාර්ය සඳහා සූදානම් වන අවස්ථාවේදී සමස්ත බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා දැනුවත් කිරීමට අපට හැකි විය. ජාති, ආගම් භේදයකින් තොරව බුදුබණ අසන ශ්‍රී ලංකාවාසී ජනතාව මෙම උතුම් ක්‍රියාදාමයට දායකත්වය දැක්වීමට උත්සුකවීම සැනසුමට හේතු වේ. මහජන බැංකුව සමග සාකච්ඡා කැර එළඹුන වෙසක් පුන්පෝදා ඉපදුන සියලුම දරුවන් උදෙසා රුපියල් 2000 ක බැංකු ගිණුම විවෘත කෙළේය.

අපගේ ප්‍රයත්නයේ පළමු පියවරට මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් පිරිනැමූ රුපියල් දස ලක්ෂයක පමණ මුදල මහඟු පිටුවහලක් විය.

මෙම වැඩසටහන වෙසක් පෝයෙන් නොනැවතී සම්බුද්ධත්ව වර්ෂයේ සෑම පුරපසළොස්වක පුන්පොහෝ දිනකම උපදින බිලිඳු දරු දැරියන්ට ගිණුම් විවෘත කිරීම අපගේ ප්‍රධාන අරමුණ වී ඇත.

තෙවැනි පියවර වන්නේ සම්බුද්ධත්ව වර්ෂයේ උපදින සියලුම දරුවන්ට ගිණුමක් විවෘත කිරීමයි. ඒ සඳහා ඉදිරියේ දී පලදායි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

අපගේ මේ ක්‍රියාදාමය සම්පූර්ණ වන්නේ මේ රටේ උපන් සෑම දරුවෙකුටම උප්පැන්න සහතිකයක් ලබා දෙන්නාසේම ළමා ඉසුරු උදාන බැංකු ගිණුමක් විවෘත කැරදීමයි. ඒ සඳහා දෙස් විදෙස් සියලු ජන කොටස්වල පූර්ණ දායකත්වය යථා කාලයේදී අපි අපේක්ෂා කරන්නෙමු.

මෙම වැඩසටහන සාර්ථක කැර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් දැක් වූ සුවිශේෂ මෙහෙවර අමතක කිරීමට නොහැකි යැයිද සංසුන්ගම ඤාණරතන හිමියෝ පැවැසූහ.

පිළිමතලාවේ මහජන බැංකු ශාඛාවේ කළමනාකාරිණී රෝහිණී චන්ද්‍රලතා මහත්මිය මෙසේ පැවැසුවාය.

මහජන බැංකුව බාල මහළු තරුණ සියලු පිරිස් සමග අත්වැල් බැඳගත් මුල්‍ය ආයතනයකි. මෙම වැඩසටහන මුළු මහත් ජාතියටම මහඟු අස්වැසිල්ලකි. බාල වයස් දරු දැරියන් උදෙසා විවිධ ගිණුම් බැංකු පක්ෂත්‍රයන්හි හඳුන්වාදී තිබෙනවා. ඒත් 2600 සම්බුද්ධත්ව ජයන්තිය අනුස්මරණය කැර 2011 මැයි මස 17 වැනි වෙසක් පුන්පොහෝදා උපත ලැබූ දරුවන් වෙනුවෙන් මහජන බැංකුව මුල් වී රුපියල් 2000 නව ගිණුම් ක්‍රමයක් හඳුන්වා දුන්නේ පළමු වතාවටයි. මහජන බැංකුව ක්‍රියාත්මක කැර ඇති බාල වයස් ඉසුරු උදාන ගිණුමට සමගාමී ගිණුමක් මේ යටතේ ක්‍රියාත්මක වේ. වෙසක් මස 17 වැනිදා උපත ලැබූ සියලුම දරුවන් වෙනුවෙන් මෙම ගිණුම විවෘතයි.

ජාති ආගම් පාට පක්ෂ පළාත් භේදයන්ගෙන් බැහැරව ශ්‍රී ලාංකික සියලු දරුවන් මේ සඳහා තෝරාගෙන ඇත. ඊට අදාළ සියලු විධිවිධාන දැනටමත් ක්‍රියාත්මක කැර අවසානයි.

මුළු රටම ආවරණය වන පරිදි මහජන බැංකු ශාඛා හා සේවා මධ්‍යස්ථාන 683 ක මග පෙන්වීම යටතේ මෙය ක්‍රියාත්මකයි. ඒ ගැන කිසිම පැකිලීමක් ඇති කැර ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.

2600 සම්බුද්ධත්ව ජයන්තිය එළඹීමත් සමඟ ඉකුත් 17 වැනි වෙසක් පුන් පොහෝදා උපන් බිලිඳු දරු දැරියන් සඳහා ආරම්භ කළ මෙම ගිණුම 2011 ජුනි මස 30 දක්වා මහජන බැංකු සියලු ශාඛාවන් ඔස්සේ ගිණුම් විවෘත කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇත.

විශේෂයෙන් වෙසක් පුන් පොහෝදා උපත ලැබූ බිළිඳු දරු දැරියන්ගේ උප්පැන්න සහතිකය සමග භාරකරුවන්ගේ ජාතික හැඳුනුම්පත රැගෙන ළඟම ඇති මහජන බැංකු ශාඛාවකට ගොස් මෙම ගිණුම ආරම්භ කිරීමට හැකිය. එම ගිණුමට බැර කිරීමට අවශ්‍ය කරන රුපියල් 2000 මුල්‍යාධාරය (මුදල) ඒ මොහොතේම මහජන බැංකුව මගින් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට උපරිම දායකත්වයක් ලබාදීමේ පරමාර්ථය ඇතිව මහජන බැංකුව මෙම ළමා ඉතිරුම් ගිණුම වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. තවද ආයතනයේ මුල්‍ය පදනම ශක්තිමත් කිරීම සඳහාද මෙම ගිණුම් ක්‍රමය උපකාරි වේ. මෙම වැඩසටහන යටතේ මහඟු සමාජ මෙහෙවරක් සිදුවේ.

සංසුන්ගම ඤාණරතන ස්වාමින් වහන්සේ මෙම සත් ක්‍රියාව සඳහා මහජන බැංකුව තෝරා ගැනීම ජාතික ආර්ථිකයට දෙයාකාර සේවයක් සිදුවේ. එය මෙසේය. අප ආයතනයේ ආර්ථිකය ශක්තිමත් වීමද, තවද දැයේ උපදින සෑම දරුවෙකුටම ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කැරදීමද සඳහන් කිරීමට හැකිය. එසේම ඔවුන්ට උපන්දා සිට ඉතුරුම් ගිණුම් හිමිකරුවෙකු වීමට වාසනාව උදාවීම හා මුළු ජීවිතය පූරාම මුල්‍ය පරිහරණය මනා විනයකින් හා දැඩි ශික්ෂණයකින් යුතුව කටයුතු කිරීමට අවස්ථාව උදාවීම විශේෂිතය.

සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ වාසනාවට වෙසක් පුන් පොහෝ දා මෙලොව එළිය දුටු සියලුම දරු දැරියන්ගේ අනාගතය වඩාත් අර්ථවත් කිරීමේ අදහසින් ක්‍රියාත්මක කළ මෙම උත්තරීතර මානව හිතවාදී සංකල්පනාවට දොර කවුළු විවර කැර දුන් මහජන බැංකුවේ සභාපති ඩබ්ලිව්. කරුණාජීව, මධ්‍යම කලාප සහකාර සාමාන්‍යාධිකාරි බී. එම්. පේ‍්‍රමනාත්, සහකාර සාමාන්‍යාධිකාරි පුද්ගලික බැංකු කටයුතු භාර එස්.බී. රත්නායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ටී. ඒ. ආරියපාල, මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ ශිවා පිල්ලේනාදම්, ප්‍රාදේශීය කළමණාකාර කේ. ජී. බණ්ඩාර, මහජන බැංකුව නියෝජන කරන, උසස් නිලධාරීන් මෙන්ම සෙසු නිලධාරීන්ගෙන් ලැබුණු පූර්ව සහයෝගයට අමතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ තරාතිරමේ නිලධාරීන් දැක් වූ අනුපමේය මෙහෙවර අතිශයින්ම ප්‍රබල අත්වැලක් විය.

මෙයට දායකත්වය දැක්වීම ළමා ඉතුරුම් ගිණුම් ආරම්භ කිරීම සම්බන්ධව සියලු විස්තර පහත සඳහන් ලිපිනයෙන් හා දුරකථන අංකවලින් විමසීමට හැකිය. විධායක අධ්‍යක්ෂ - සංසුන්ගම ඥාණරතන හිමි, මානව අපේක්ෂා සංවර්ධන පදනම, අංක 115, ශ්‍රී සම්බුද්ධරාජ විහාරය, වල්ගම, හන්දෙස්ස.

වෙබ් අඩවිය
www.hope sri lanka.org
 

දුරකථන අංක
0812315014, 0718339797

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජූනි 23 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.12 ට ලබයි. 24 වන දා සිකුරාදා පූර්ව භාග 06.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]