Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රචනා සහ දහම් දැනුම තරගයක්

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මහාචාර්ය කබලෑවේ පියභාරතී නාහිමි ගුණානුස්මරණ තරගාවලියක් දහම් පාසල් සිසුන් සඳහා පැවැත්වීමට, කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ සම්බුද්ධත්ව ජයන්ති කමිටුව කටයුතු සංවිධානය කර ඇත.

කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ බල ප්‍රදේශය තුළ පිහිටි දහම් පාසල්වල 6 වන ශ්‍රේණියේ සිට අවසාන ශ්‍රේණිය දක්වා සිසුනට මෙම තරගාවලියට සහභාගි විය හැකිය.

එම තරගාවලියට එම දහම් පාසල් ශ්‍රේණි මට්ටමින් ගද්‍ය රචනා හා දහම් දැනුම තරග අයත් වේ. මෙම තරඟයන්හි පළමු ස්ථාන හා තෙවන ස්ථාන දක්වා ජයග්‍රාහක සිසුනට ත්‍යාග හා සහතිකපත් පිරිනැමෙන අතර, ඉදිරිපත් වන සියලුම සිසුනට සහතික පත් පිරි නැමේ.

තරගයට ඉදිරිපත් වීම සඳහා වූ අයදුම්පත් 2011.06.29 වන දිනට පෙර ‘බෞද්ධ කටයුතු සමායෝජක’ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කුලියාපිටිය යන ලිපිනයට යැවිය යුතු ය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.