Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා සමාරම්භක මහෝත්සවය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමියන්ගේ සහ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් තෛ‍්‍රනිකායික මහ සඟරුවනේ සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා ප්‍රධාන දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් ජූනි 24 වන දා පස්වරු 03.30 ට කඳාන වල්පොල විමලරත්නාරාම විද්‍යා නිවාස පිරිවෙන් භූමියට යාබද වැව් තටාංගනයේ ඉදිකරන ලද බද්ධ සීමා මාලකයේ දී පැවැත්වේ. පාර්ශව 22 කින් සමන්විත උපසම්පදා උළෙල නිමිති කොට සිදු කරනු ලබන සමාරම්භක මහෝත්සවය පැවැත්වේ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා සමාරම්භක මහෝත්සවයේදී ගෞරව සම්මානයෙන් පිදුම් ලබන්නෝ

* අතිගරු රාජකීය පණ්ඩිත - ගිරාඹේ ආනන්ද අනුනාහිමි
ගෞරව නාමය - ‘ධම්මසේනාපති ශාසනජෝතික ධජ

* ගරු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා
ගෞරව නාමය ‘ශාසනකීර්ති ශ්‍රී ලාංකාභිමාණී’

* අජිත් ද සොයිසා මහතා
ගෞරව නාමය ‘විශ්වාභිමාණී සම්බෝධි ශිරෝම

* ඇල්. එච්. පියසේන මහතා
ගෞරව නාමය - දේශාභිමාණී මහාදානපති

* වෛද්‍ය සමන්කුමාර රංජිත් වීරසිංහ මහතා
ගෞරව නාමය - විශ්වාභිමාණි ශ්‍රී ලංකාපුත්‍ර


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.