Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සීනිගොඩ දී බුදුසරණ ධර්මදානයට

සීනිගොඩ මව්පිය පූජා උපහාර අටවිසි බුදු මැදුරේදී මෙම පොසොන් සතිය තුළ අටවිසි බුද්ධ පූජාවක් පැවැත්වේ. ඒ සඳහා පැමිණ වන්දනා කරන සියලු දෙනා වෙත ද පොසොන් පෝය දින බුදුසරණ පත්‍රය බැගින් බෙදා දීමට බුදු මැදුරේ නිර්මාතෘ නො. 10, සීනිගොඩ, පියදිගමගේ චන්ද්‍රපාල මහතා විසින් කටයුතු සංවිධානය කර ඇති අතර පොසොන් පෝය දින අනුරාධපුර රුවන්වැලි මහාසෑය අසලදී සිල් සමාදන් වන අයට ද පොසොන් බුදුසරණ පත්‍ර 500 ක් බෙදා දීමට ද කටයුතු සලසා ඇත.

එම සියලු පින් 1985 මැයි 14 අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසලදී වෙඩි වැදී මිය ගිය දයාබර මෑණියන් වූ ඇස්. කේ. රැන්සිනෝනා මහත්මියට සහ 1964. 12. 14 දින මිය ගිය පියාණන් වන පියදිගමගේ චාර්ලිස් සිල්වා මහතාට ද 1992. 04. 19 දින මිය ගිය සොහොයුරු පී. ජී. ද සිල්වා මහතාට ද පින් පිණිස එම බුදුසරණ පත්‍ර ධර්මදාන පූජාව 1987 වර්ෂයේ සිට පියදිගමගේ චන්ද්‍රපාල සිල්වා මහතා විසින් සිදු කරනු ලැබේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.