Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රාගම – වල්පොල ඓතිහාසික පොසොන් මහ පෙරහර

ගම්පහ දිස්ත්‍රික්කයේ, දකුණු අළුත්කූ®රු කෝරළයේ, ගලහිටියාව පේරුවේ, රාගම්පත්තුව බද ජාඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් අංක, 212 ට අයත් රමණීය පෙදෙසක ‘වල්පොල’ නමැති පින්බර ගම පිහිටා ඇත.

1922 දී වල්පොල සංගමය නමින් සංවිධානයක් බිහිකර අධිරාජ්‍යය පාලනය නිසා පන්සලෙන් හා පිරිවෙනෙන් ගිලිහීගිය බෞද්ධ අධ්‍යාපනය නැවත නඟා සිටුවන ලදී. පළාත්වාසී ළමාපරපුර බෞද්ධ අධ්‍යාපනය තුළින් දැහැමි සමාජයක් බිහිකිරීමේ අභිලාශයෙන්, එවකට වල්පොල ශ්‍රී විමලරත්නාරාම මහා විහාරස්ථානයේ වැඩ විසූ අපවත් වී වදාළ හතරලියද්දේ සීලරතන ස්වාමීන් වහන්සේගේ අනුශසකත්වයෙන් වල්පොල සංගම් සමිති ශාලාවේ දී දහම් පාසලක් ආරම්භ කරන ලදී. එම දහම් පාසලේ අධ්‍යාපනය ලැබූ සිසු දරුවන් වර්ෂ 1928 මාර්තු 11 වෙනිදින සීලරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආරම්භ කරන ලද ශ්‍රී බාලාභිවෘද්ධිවර්ධන සමිතිය, 1928 ජූනි 15 වෙනි දිනට යෙදුනු පොසොන් පොහෝ දින ඉතා කුඩා මල්පෙරහරකින් මිහිඳු පෙරහර නමින් සංවිධානය කර එම පෙරහර වල්පොල සංගම් ශාලාභූමියේ සිට වල්පොල දුම්රිය හරස්පාර දක්වා ගමන් කර නැවත වල්පොල ශ්‍රී විමලරත්නාරාම මහා විහාරස්ථානයට ගෙවදින ලදී. මෙම මල්පෙරහර වසරින් වසර දියුණුවට පත්වෙමින් මේ වන විට රාගම වල්පොල ඓතිහාසික පොසොන් මහ පෙරහර නමින් ප්‍රසිද්ධියට පත්ව ඇත. මෙම ඓතිහාසික පොසොන් මහ පෙරහර සහ පොසොන් පූජෝත්සවය ප්‍රදේශයේ සියලු ජනකොටස්වල ආධාරයෙන් හා ශ්‍රී බාලාභිවෘධිවර්ධන සමිතියේ සියලුම සාමාජිකයින්ගේ කැපවීම තුළින් 83 වන වරටත් මෙම මස 14 වෙනි දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.