Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර පුෂ්පදාන සමිතියේ පෙරහර 19 දා

මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියේ වාර්ෂික පොසොන් මහා පෙරහර ජූනි 19 ඉරිදා පැවැත්වේ. මෙදින සවස 02.00 ඩී.එස්. සේනානායක වීදියේ සමිති මූලස්ථානයෙන් පිටත්වන මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රතිමාව වැඩමවාගත් පෙරහර පැවැත්වේ.

සවස දෙකට ආගමික වැඩසටහන පැවැත්වීමෙන් පසු සමිතියේ ප්‍රධානීන් හා ආරාධිත අමුත්තන් මිහිඳු ප්‍රතිමාවට පුෂ්ප පූජෝපහාර දැක්වීමෙන් පසු පිටත් වන පෙරහර ඩී.එස්. සේනානායක වීදිය, රැජින හෝටලය, දළදා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය, කොටු ගොඩැල්ල වීදිය, කන්දේවීදිය, නගරසභා හන්දිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර සමිති මූලස්ථානය අසලින් ගෙවදී.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.