Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තිස්සමහාරාමයේ රුහුණු පොසොන් මහ පෙරහර පෝදා

ඓතිහාසික තිස්සමහාරාම රාජ මහා විහාරස්ථානයේ පොසොන් මහා පෙරහර සහ වාර්ෂික පොසොන් මහා පුණ්‍ය උත්සවය මැයි මස 20 දින ආරම්භ වී ජුනි මස 23 දින දක්වා පැවැත්වීමට තිස්සමහාරාම රාජමහා විහාරය සඳගිරිය රාජමහා විහාරය යන උභය විහාරාධිපති ආචාර්ය දේවාලේගම දම්මසේන නාහිමියන්ගේ අනුශාසනාව පරිදි කටයුතු යොදා ඇත.

දිනපතා මහාබෝධි පූජා අටවිසි බුද්ධපූජා පැවැත්වෙන අතර සති පිරිත් දේශනය ජුනි මස 06 දින සිට ජුනි මස 12 දින දක්වා පැවැත්වේ. ජුනි මස 12 දින දේව දූත පෙරහර සහ දොරකඩ අස්න අනුශාසනාව පැවැත්වෙන අතර ජුනිමස 13 දින මහා සංඝගත දක්‍ෂිණාව පිරිනැමේ. ජුනි මස 13 දින ඓතිහාසික තිස්ස මහාරාම පොසොන් මහා පෙරහරේ මලුවේ පෙරහර පැවැත්වේ. ජුනි මස 14 දින පෙරහර වීදි සංචාරය කරයි. ජුනි මස 15 දින රුහුණු පොසොන් මහා පෙරහර පැවැත්වේ. ජුනි මස 16 දින කිරිදිඔයේ දියකැපීමෙන් පෙරහර කටයුතු අවසන් වෙයි. ජුනි මස 16 දින පුණ්‍යානුමෝදනා පිංකම ජුනි මස 22 දින දෙවොල්මඩු ශාන්තිකර්මය ජුනි මස 23 දින මහාදේව දානයෙන් වාර්ෂික පොසොන් මහා පුණ්‍ය උත්සවය නිමාවට පත්වෙයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.