Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සත්සති මන්දිර සසුනට පූජා කිරීමේ වැඩ සටහන

අප ජාතියේත් බුදු දහමෙත් මුදුන් මල්කඩ සේ සැලකෙන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පුදබිමට ආවේණික සැලැස්මක් හෝ කලාත්මක බවක් නොමැතිව මෙයට දශක කීපයකට පෙර වැලිමළුවේ ඉදි කරන ලද සත්සති මන්දිර වෙනුවට අනුරාධපුරයේ වාස්තු විද්‍යාත්මක ක්‍රමෝපායන් අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල ලවා සකස් කර ගත් සැලසුම ප්‍රකාරව අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල විසින් ප්‍රතිනිර්මානය කරන්නට යෙදුන සත්සති මන්දිර සසුනට පූජා කිරීමේ සත්සති මහා පූජෝත්සවය වෙසක් පුන් පොහෝ දිනයේ සිට දින 49 ක් පුරා පැවැත්වේ.

2011 මැයි මස 17 වෙනිදා සිට ජූලි මස 04 වෙනිදා දක්වා දින 49 ක් පුරා පැවැත්වෙන සත්සති පූජෝපහාරයේ ප්‍රධාන අංගය වන්නේ සෑම දිනකම සවස 6. 30 සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමෙන් අනතුරුව සවස 7.00 ට දැහැත් ගිලන්පස මල්පහන් සහ සුවඳ දුම් සහිත බුද්ධ පූජාවක් අප බුදුරජාණන් වහන්සේ අදාල සතියේ වැඩ සිට සත්සති මන්දිරය අබියසදී පැවැත්වීමයි. මෙකී ආගමික වතාවත් මෙහෙයවීම අටමස්ථානාධිපති නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය විසින් සිදුකරනවා ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.