Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

ඇස්.ඇම්. තිලක් චන්ද්‍රසිරි මහතාගේ වකුගඩු දෙකම අක්‍රියව ඇති නිසා ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බව මාලිගාවත්ත වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය සන්ධ්‍යා සෙනවිරත්න මහත්මිය නිර්දේශ කර ඇතැයි කියති.

ඒ සඳහා “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතෙකු සිටී නම් පහත ලිපිනයට හෝ දුරකතන අංකවලට දන්වන මෙන් ඉල්ලා සිටියි.

ඒ.ඒ.ටී.එස්. පෙරේරා, 36/1 මාර්ක් පාර, පෙරියමුල්ල, මීගමුව ලිපිනය වන අතර දුරකතන අංක 077 1179788 සහ 031 – 3618390 වේ.


තලාතුඩුව පාර, කොග්ගල, හබරාදූව පදිංචි අවුරුදු 50 ක් වයසැති පද්මිණී මල්ලිකා මහත්මිය පෙරපාසල් ගුරුවරියක් වන අතර දරුවන් දෙදෙනෙකුගේ මවකි. ඇයගේ වකුගඩු දෙකම අක්‍රීය බවත්, ඇයගේ ජීවිතය බේරා ගැනීමට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවත්, මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.ඩබ්.එම්.වෂීල් මහතා නිර්දේශ කර ඇති බව කියයි.

තම වකුගඩුවක් දන්දීමට කැමැති හිමිනමක් හෝ පරිත්‍යාගශීලියෙක්ගෙන් දරු දෙදෙනා ඇතුළු පවුලේ ඥාතීන් ඉල්ලා සිටින්නේ ඇයගේ ජීවිතය බේරා ගැනීමට උදව්වන ලෙසයි. එසේ පරිත්‍යාගශීලී අයෙකු වේ නම් හැකි ඉක්මණින් 071 8251632, 091 3932220 අමතන ලෙස ඉල්ලීමක් කැරේ.


පන්නිපිටිය, පැලන්වත්ත තලගහවත්ත පාර 24/1 බී හි පදිංචි ඊ. එන්. සිරිසේන 67 වෙනි වියෙහි පසුවන අතර ඔහු හෘදයාබාධ වැළඳුන රෝගියෙක් බව කියයි. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් වී අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ඇන්ජියෝග්‍රම් පරීක්‍ෂාවක් කළ යුතු බව ද එහි ප්‍රතිඵල අනුව හදවත් සැත්කමක් කළයුතු ද නැද්ද යන වග තීරණය කෙරෙන්නේ ඉන්පසුව බව වෛද්‍ය ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් නිගමනය කරන ලද බවද කියයි.

ඒ අනුව ඇන්ජියොග්‍රම් පරීක්‍ෂාවක් කරගන්නා ලෙස නිර්දේශ කළ ද එය සිදුකර ගැනීමට මේ දක්වා නොහැකි වී ඇත්තේ ඔහුට එම මුදල දැරීමට ශක්තියක් නොමැති කමින් බවත් කියයි.

තවද ඔහුට නියම කර ඇති බෙහෙත් ලබා ගැනීමට පවා අසීරු අවස්ථාවක එවන් මුදලක් කිසිසේත් සොයා ගැනීමට පහසු කමක් නැති අතර රැකියාවක් ද කරගත නොහැකි තත්ත්වයකින් ඔහු පසුවන අතර දියවැඩියා රෝගයෙන් ද ප්‍රතිකාර ලබන රෝගියෙක් බවද ඔහු කියයි.

ඔහුගේ බිරිඳ ද දියවැඩියා රෝගයෙන් පෙළෙන අතර ඇයට ද ප්‍රතිකාර වලට විය පැහැදම් කළයුතුව ඇති බවත් වෛද්‍යවරුන් වරින් වර නියම කරන පරීක්‍ෂණ සඳහා සහ අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබා ගැනීමට අධික වියදමක් මසකට දැරීමට සිදුවන බැවින් ඒවා කරගත නොහැකිව එම පරීක්‍ෂණ ද දිනෙන් දින කල් දමමින් සිටීමට සිදුවී ඇති බවත් ඔහු කියයි.

එබැවින් පරිත්‍යාගශීලී සැදැහැවතුන්ගේ ආධාර ඔහු අපේක්ෂා කරන අතර සෙලාන් බැංකුව කොට්ටාව ශාඛාවේ ගිනුම් අංක 0330 – 03303942 – 101 ගිනුමට උපකාර කළ හැකිය.


කැලණිය කිරිබත්ගොඩ භාතියා මාවත අංක 189/බී, පදිංචි නිමේෂා පෙරේරා (45) මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයිද නිමේෂා පෙරේරා මහත්මියට “ඒ, බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයිද කියයි. වකුගඩුවක් පිරිනැමීමට පරිත්‍යාගශීලී අයෙක් හෝ හිමිනමක් වෙතොත් පහත සඳහන් දුරකතන අංක වලට දැනුම් දෙන ලෙස ඥාතීහු ඉල්ලා සිටිති. 0112 906016, 0112 919497, 0112 915603, 0779967935 එම දුරකතන අංක වේ.


කෑගල්ලේ පදිංචි එස්.ජී.යූ.එස්. පෙරේරා මහතා වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුට “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බව කියයි. මේ සඳහා පරිත්‍යාගශීලි අයෙකු වෙතොත් 077-9263881 යන දුරකථන අංකයට දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.