Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 වෙසක් පහන් කූඩු තරඟයක්

ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංසදය ප්‍රථම වතාවට සංවිධානය කරන වෙසක් කූඩු තරඟය ලබන මස 17 වැනි දින සිට 23 වැනි දින දක්වා කැලණිය රාජමහා විහාරස්ථාන පුණ්‍ය භූමියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

විවෘත තරඟයක් ලෙස පැවැත්වෙන මෙම පහන් කුඩු ඉදිරිපත් කිරීමට කැමැති අය මෙම මස 17 දිනට ප්‍රථම තම අයදුම් පත්‍රය ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංසදය, රාජ මහා විහාරය, කැලණිය යන ලිපිනයට යොමු කළ හැකි බවද කියයි.ඉදිරිපත් කරන නිර්මාණ මීට ප්‍රථම කිසිම තරඟයකට ඉදිරිපත් කළ ඒවා නොවිය යුතු අතර 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය පිළිබිඹු වන පරිදි සිය නිර්මාණ සැකසිය යුතුය. එමෙන්ම ඉදිරිපත් කරන පහන් කූඩු නියමිත දිනට ප්‍රදර්ශනය කිරීමටත් ප්‍රදර්ශන කාලයෙන් පසුව එය රැගෙන යාමටත් නිර්මාණශීලින් වගබලා ගතයුතුය. ජයග්‍රාහකයන් සඳහා ප්‍රථම ස්ථානයට රුපියල් 150,000 ක් ද දෙවන ස්ථානයට රුපියල් 75000 ක් ද තෙවන ස්ථානයට රුපියල් 50,000 ක් ද සිව්වන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා රුපියල් 10,000 ක් ද වන මූල්‍ය ත්‍යාග පිරිනැමීමට නියමිත අතර, සහභාගි වන සෑම නිර්මාණයක් වෙනුවෙන් සැනසිලි ත්‍යාග පිරිනැමීමට ද කටයුතු යොදා ඇත. 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිතිකොට කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම තරඟය සංවිධානය කර ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.