UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

ගරහිත ජාතකය

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි පංචකාමයෙහි ඇලීමෙන් උකටලී වූ භික්ෂු කෙනෙකු අරභයා මේ ජාතක කතාව දක්වන ලදී. ඒ කෙසේද යත්.

එසමයෙහි එක්තරා භික්ෂු කෙනෙකුන් වහන්සේට ගොසින් දැන්වූ සේක. “ සැබෑද? මහණ තා ශාසනයෙහි උකටලී වූ යැයි භික්ෂූන් විචාරන්නේ සැබෑවක්ද? “ “සැබෑව ස්වාමීනි” පංචකාමයෙහි ඇල්ම ඇත්තෙක්මි. “ මහණ, පළමුත් තිරිසන්නු පවා පංචකාමයට නින්දා කළෝ වේ දැයි වදාරා ඒ කෙසේ දැයි සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි බෝධි සත්ත්වයන් වහන්සේ වඳුරුව උපන් සේත. වඳුරුම උපන් කලම වැද්දෙක් බෝධිසත්වයන් වහන්සේ වඩාගෙන ගොස් රජ්ජුරුවන් වහන්සේට දුන්හ. රජ්ජුරුවෝත්, බෝධිසත්වයන් වහන්සේ ක්‍රීඩාචාර කොට සලස්වා ගත්තේය.

බෝධිසත්වයන් වහන්සේ මනුෂ්‍යයන්ගේ සත් ගුණය ඉගෙන ගෙන ව්‍යවස්ථිතව වාසය කරන්නාහ. රජ්ජුරුවෝ වානරයාගේ ව්‍යවස්ථිතකම දැන අල්වාගෙන ආ වැද්දවුන්ට කියන්නේ “ වඳුරා ගෙන ගොස් මේ වඳුරා ඇල්වු වනයටම ගෙන ගොස් ලා පියව“ යි කියා යැවූහ. එකියන වැද්දා කී ලෙසම හිමාල වනයට ගෙනගොස් අළහ.

බොහෝ වඳුරන් බෝධිසත්වයන් හා කතා කරන්නාහු. “ඇයි කිමෙක්ද? මෙතෙක් දවස් ගියේ කොයිදැ”යි විචාළහ. බෝධි සත්වයෝ කියන්නාහු. “ එක් වැද්දෙක් මා අල්වාගෙන ගොස් බැරණැස් රජ්ජුරුවන්ට පෑය. රජ්ජුරුවෝත් මාගේ් ගුණ ක්‍රියාව දැක මා මෙතනට ඇරවාපුව “ යි කීහ.

වානරයන් එපවත් අසා විචාරන්නාහු “ මනුෂ්‍යයන්ගේ ක්‍රියාවන් කිමෙක්දැ”යි විචාළහ. බෝධිසත්වයෝ කියන්නාහු. “ මනුෂ්‍යයන්ගේ අනිත්‍යය, දුක්ඛය, අනාත්මයැ”යි කියන තිලකුණු මමය යන ග්‍රහණින් දවස් අරනාහු. “ මේ මගේ රත්රන්, අමුරන්, “ මේ මගේ අඹුදරුවෝ ආදි දෙය”යි කියා ඇල්ම කොට දවස පරිනාහ.

ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයම එක්ව දැලි රැවුළු ඇති සත්ත්වයන් පුරුෂයනැයි කියාත්, කන හා කන් විදීම් ආදී කොටගෙන ස්ත්‍රීන් යැයි කියාත්, ස්ත්‍රී පුරුෂයන් එක ගෙයි වාසය කොට ස්ත්‍රියගේ ආධිපත්‍යය ඇතිව දවස් අරනාහයි තත් වු පරිද්දෙන් වාසය කරතැ”යි බෝධිසත්වයෝ කීහ.

වානරයෝ එබස් අසා “ නෑසිය යුත්තන් ඇසුම්හ. නොකිය මැනවි, නොකිය මැනවයි කියා දෙකන කන අත වසාගෙන නැසිය යුතු බස් ඇසු ගල්පොත්ත ස්ථානයකට ගරහිතශෛලය “ යි නම් තබා ඒ වවනයේ නොඉද අනෙක් වනයකට ගියහ” යි මේ ගරහිත ජාතකය නිමවා වදාළ සේත. එසමයෙහි වානරාධිපතිව උපන්නෙමි. බුදු වූ මම්ය යැ”යි වදාළ සේක.

බක් මස පුර අටවක පෝය

බක් මස පුර අටවක පෝය අප්‍රේල් මස 11 වන දා සඳුදා පූර්ව භාග 05.53 ට ලබයි.
12 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 11 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 17 වන දා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]