Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දේශීය චිත්‍ර හා මූර්ති පාඨමාලාවට සිසු සිසුවියන් බඳවා ගැනේ

කැලණිය අංක 110, හිඹුටුවැල්ගොඩ චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානාධිපති මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන් ගේ හා එම පාලක සභාව මෙහෙයවීමෙන් පුරාණ විහාර බිතු සිතුවම්, දේශීය චිත්‍ර හා මූර්ති කලාව පිළිබඳ එක් අවුරුදු පාඨමාලාවක් නොමිලේ සංවිධානය කොට ඇතැයි කියති.

එම පාඨමාලාව සඳහා සහභාගිවීමට කැමති පාසල් ළමුන් හා වයස් භේදයකින් තොර දැනටත් විහාර බිතු සිතුවම්, දේශීය චිත්‍ර හා මුර්ති කලාව පිළිබඳව කටයුතු කරන අය හා මේ සඳහා යොමු වීමට කැමති ගුරුභවතුන් නම, ලිපිනය දුරකතන අංකය ඇතුළත්ව ජීව දත්ත සටහනක් මඟින් ඉල්ලුම් කරන්නැයිද වැඩි විස්තර සඳහා 071 8426682/071 4485496 ඇමතීමෙන් දැනගත හැකි බවද උතුරාවල ධම්මරතන හිමියෝ පවසති.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.