Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ සදහම් චාරිකා

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොට ගෙන කැලණිය ශාසනාරක්‍ෂක මණ්ඩලය විසින් එම ප්‍රදේශයේ සියලුම විහාරස්ථාන සහ දහම් පාසල් කේන්ද්‍ර කොට ගනිමින් ගමෙන් ගමට ගොස් සදහම් චාරිකා නමින් දහම්හමු රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

නව වසර උදාවත් සමගම එම දහම්හමු මාලාව පැවැත්වීම ආරම්භ කර ඇති අතර එය එළඹෙන මාර්තු මාසය අවසන් වන තෙක් පවත්වාගෙන යෑමට කටයුතු යොදා ඇත.

අති විශාල බහුතරයක් බෞද්ධ ජනතාව එම ප්‍රදේශයේ ජීවත්වන අතර එම ප්‍රදේශයේ බෞද්ධ ප්‍රබෝධය තවදුරටත් වැඩිදියුණු කිරීමත් ඒ තුළින් අධ්‍යාත්මික ගුණ වගාව පෝෂණය වී වඩාත් ගුණාත්මක කිරීමත් මෙම සදහම් චාරිකා දහම්හමු වැඩසටහනේ අරමුණ වී තිබේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.