Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උඩවෙල දී මාසයක් පුරා දම් දෙසුම්

වැලිපන්නගහමුල්ල උඩවෙල ශ්‍රී සුධර්මාරාමයේ දී ඉකුත් 15 වන දා සිට 2011 ජනවාරි 15 වන දා දක්වා ධර්ම දේශනා පින්කම් මාලාවක් පැවැත්වේ.

ඒ අනුව මෙම 28 වන දා කිරිඳිගල්ලේ ඤාණරතන හිමි, 29 වන දා බොරැල්ලේ කෝවිද හිමි, 30 වන දා රණස්ගල්ලේ ඤාණවීර හිමි, 31 වන දා අටවිසි බුද්ධ පූජාව සහිත බෝධි පූජාව දුම්මලදෙණියේ සිරිධම්ම හිමි ජනවාරි 1 වන දා අටවිසි බුද්ධ පූජාව සහිත බෝධි පූජාව දෙමටපිටියේ විමලරතන හිමියන් සහ ගම්පහ ධම්මපි‍්‍රය හිමි, 2 වන දා මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, 3 වන දා විටියල කවිධජ හිමි, 4 වන දා පන්නල ඤාණාලෝක හිමි, 5 වන දා බෝගහ පිටියේ ධම්මසිද්ධි නාහිමි, 6 වන දා බෝධිමළුවේ සංඝානන්ද හිමි, 7 වන දා නාඹිරිත්තන්කඩවර ඤාණරතන නා හිමි, 8 වන දා රදාවඩුන්නේ ඤාණවිමල හිමි, 9 වන දා බෝපිටියේ සිරි සුමේධ හිමි, 10 වන දා බොරැල්ලේ අතුල නාහිමි, 11 වන දා මාවරලේ භද්දිය හිමි, 12 වන දා තුන් ආසන කාව්‍ය ධර්ම දේශකයාණන් වහන්සේලා වන මහ බුලංකුලමේ ගුණරතන හිමි, ගනේකන්දේ චන්දරතන හිමි, පුබුදුපුර සුමනතිස්ස හිමි, 13 වන මැදගොඩ අභයතිස්ස හිමි, 14 වන දා ගුරුදෙණියේ පඤ්ඤාකිත්ති හිමි, 15 වන දා කැටවල හේමාලෝක හිමි යන ස්වාමීන් වහන්සේ එම දම් දෙසුම් පවත්වති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.