Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තොටගමු රන්පත් විහාරයේ පින්කම්

තෙල්වත්ත පුරාණ තොටගමු රන්පත් රජමහා විහාරස්ථ වාර්ෂික පින්කම් මාලාව මෙවරත් දෙසැම්බර් 26 දින සිට ජනවාරී 02 වැනි දින දක්වා පැවැත්වේ.

දෙසැම්බර් 26 දින සිට ජනවාරි 01 වනදා දක්වා අටවිසි බුද්ධ වන්දනාව සහ බෝධි වන්දනාවද ජනවාරි 01 වනදා සර්ව රාත්‍රික පිරිත් දේශනාවද පසුදා (02) සිය නමකට අධික සංඝගත දක්ෂිණාවද පැවැත්වෙන අතර විහාරස්ථානයේ අපවත් වී වදාළ සියම් විහාරාධිපතින් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේට පින් අනුමෝදන් කිරීමත්, සුනාමි ව්‍යසනය වී සය වසරක් පිරීම නිමිත්තෙන් එහිදී මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම සහ සියලු සත්ත්වයන් හට සෙත්පතා එම පින්කම සිදුකැරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.