Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දියකලමුල්ල සංඝමිත්තා මහා පෙරහර

කුලියාපිටිය – දියකලමුල්ල ශ්‍රීපති පිරිවෙන් මහා විහාරස්ථානයේ උඳුවප් මහා පෙරහර සංවිධානය මගින් වාර්ෂික සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේගේ පිළිරුව වැඩමවීමේ පෙරහර මෙවර මීගහකොටුව ශිල්ප ශාලිකාව අසළින් ආරම්භවී දියකලමුල්ල විහාරස්ථානය දක්වා පන්නල මාර්ගයේ ගමන් කෙරේ.

මෙම පොහෝ දින දියකලමුල්ල ශ්‍රීපති පිරිවෙන් මහා විහාරාධිපති පරිවේනාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත අත්තංගනේ සාසන රතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ විද්‍යාධාර දායක සභාව, සංඝමිත්තා කුලඟන සමිතිය, තරුණ සංවිධානය ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, මීගහකොටුව, ව්‍යාපාරික මහත්වරු කුලියාපිටිය ව්‍යාපාරික මහත්වරු එම නගරවල ත්‍රිරෝද රථ සංගම් ඇතුළු ප්‍රදේශයේ විදුහල්වල සියලු දායකකාරකාදීන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වේ.

උඩරට, පහත රට, සබරගමු නැටුම් සම්ප්‍රදායන්ට අයත් නැටුම් කණ්ඩායම් තිහකට අධික ප්‍රමාණයකින් අලකෘත වන මෙම පෙරහර බෞද්ධ චාරිත්‍රයන්ට මුල් තැන දෙමින් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට උඳුවප් මහා පෙරහර සංවිධානය කටයුතු යොදා ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.