Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරි සඟමිත් මහ රහත් තෙරණියගේ සමරු උළෙල අනුරාධපුර දී

ශ්‍රී සංඝමිත්තා මහ තෙරණින් වහන්සේගේ 2318 වන ගුණසමරු මහා උළෙල අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන ආගමික කටයුතු අමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම 20 – 21 යන දෙදින තුළ ඓතිහාසික අනුරාධපුරයේ දී පැවැත්වේ.

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි සහ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමිවරුන් ගේ අනුශාසකත්වයෙන් මෙවර උළෙල පැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා සඳහන් කරයි.

සංඝමිත්තා තෙරණින් වහන්සේගේ පිළිරුව රැගත් පෙරහර 20 දින පස්වරු 2.00 අනුරාධපුර බණ්ඩාරනායක මාවතේ විහාරමහාදේවි ආරාමය අබියසින් ආරම්භ වී ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසට ගමන් කරවනු ඇත.

දසසිල් මාතා ජාතික සංගමයේ වාර්ෂික සමුළුව අනුරාධපුර මහවිහාර සන්නිපාත ශාලාවේ දී විසි එක් (21) වන දින පෙරවරු 09.00 ට පැවැත්වේ.

මෙම අවස්ථාවන් හට අග්‍රාමාත්‍ය දි.මූ. ජයරත්න මහතා සමඟ උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, උතුරු මැද ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක, බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ. ඒ. ඩී.එස්. ගුණවර්ධන යන මහත්වරු ප්‍රධාන පළාත් මැති ඇමැතිවරු රැසක් සහභාගිවන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා අනාවරණය කළේ ය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.