Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර සංඝමිත්තාරාමයේ දී උඳුවප් පෝදා අලුයම 05.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් ද පෙරවරු 06.00 සිට පස්වරු 06.00 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් ද පැවැත්වේ. පෙරවරු 8 – 9 සතීමා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 9 – 10 ශාස්ත්‍රපති උඩපෝරුවේ රතනසාර හිමියන් විසින් පවත්වන ධර්ම දේශනාවක් ද 10.15 – 11.00 ඕපනායක නිරාසා දස සිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද දහවල් බුද්ධ පූජාවෙන් පසුව පස්වරු 12.30 – 01.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනයද 1 – 2 මීගොඩ උත්තරා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 2.15 – 3.00 කෑගල්ලේ විමංසා සිල් මාතාව පවත්වන ධර්ම දේශනයක් ද 03.00 – 04.00 තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනයක් ද 4 – 5 රත්නපුරේ තිසරණී දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසහනක් ද අනතුරුව තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 06.00 ට මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාව මොරවක ශාන්ත ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.