Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිටබැද්දර සත්වරුවේ පිරිත් දෙසුම

මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, ගොරකවෙල ශ්‍රී ගංගාගිරි විහාරස්ථානයේ වාර්ෂික සත් වරුවේ පිරිත් දේශනාවක් ඇතුළු පින්කම් මාලාවක් පැවැත්වේ. සෑම වර්ෂයකම දෙසැම්බර් මාසයේ දී මෙම පින්කම් මාලාව සංවිධානය කෙරෙනුයේ රටට සෙත් පැතීම හා යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කරගෙනය. මෙවරද පින්කම් මාලාව උත්කර්ෂවත් අන්දමින් දෙසැම්බර් 25 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වේ. දෙසැම්බර් 25 වැනි දා රාත්‍රී 10.00 ට පිරිත් දේශනාව ආරම්භ කෙරේ. 28 වැනි දා සවස 03.00 ට දේවදූත පෙරහර පැවැත්වෙන අතර එදින රාත්‍රී 10.00 ට දොරකඩ අස්න කියවීම හා අනුශාසනා දේශනාව පැවැත්වේ. පසුදින දවල් ශතාධික මහා සාංඝික දානයක් ද පිරිනැමීමට කටයුතු යොදා ඇත. පින්කම් පැවැත්වෙන දිනවල රාත්‍රී 07.00 ට අටවිසි බුද්ධ පූජාවක් ද සිදු කෙරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.