Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාපලගම විපුලසාර මාහිමි ගුණ සමරුව - 26 වනදා

රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරාධිපතිත්වය ඉසුලු සාහිත්‍ය චක්‍රවර්ති කලාශූරී ආචාර්ය මාපලගම විපුලසාර මාහිමියන් අපවත් වීමෙන් දස වසරක් පිරීම නිමිත්තෙන් මෙම මස 26 දින පස්වරු 3.30 ට ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධායතන ධර්ම අධ්‍යාපන මන්දිරයේදී ගුණානුස්මරණ උත්සවයක් පැවැත්වේ. හෙළ කලාව වෙනුවෙන් අසීමිත සේවයක් සිදුකළ උන්වහන්සේ විවිධ මුද්‍රාවන්ගෙන් යුත් බුද්ධ ප්‍රතිමා නෙලීම උදෙසා දැක්වූයේ සුවිශේෂ දක්ෂතාවකි.

ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන සභාපති ධූරයට පත්ව ජාතික, ආගමික, අධ්‍යාපනික සියලු අංශයන්ගෙන් මාහැඟි සේවයක් සිදුකළ විපුලසාර මාහිමියෝ ලෝකයේ බොහෝ රටවල් සමඟ දැඩි මිත්‍රත්වයක් ගොඩනගාගෙන සිටි අතර එම රටවල සාම හා ජාතික මහා සම්මේලනයන්ට ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනය නියෝජනය කරමින් කළ සේවය සදානුස්මරණියය.

ගිහි පැවිදි සියලු දෙනාගේම ආදර ගෞරවයට බඳුන් වූ මාපලගම විපුලසාර මාහිමියන් පිළිබඳ ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන මෙම ගුණ සමරු උත්සව සභාවේ මුලසුනය රාජකීය පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහා නාහිමි, විද්‍යාලංකාර පරිවෙණාධිපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි සහ විද්‍යෝදය පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත බලංගොඩ සෝභිත මාහිමි උසුලති. සබරගමු පලාතේ ආණ්ඩුකාර හිටපු කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා විපුලසාර මාහිමි සහ”බෞද්ධ සමාජය” යන මැයෙන් විශේෂ ගුණ සමරු දේශනය පැවැත්වීමට නියමිතය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.