Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කුඩා අරුක්ගොඩ ගමෙන් ආගමික සේවා

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පානදුර කුඩා අරුක්ගොඩ ශ්‍රී මහේන්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති කිරිල්ලීපනේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව එම විහාරස්ථානයේ දායක දායිකාවන් හා අවට ගම්වාසීන්ගේ ආධාර උපකාර ඇතිව මෙරට දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය සඳහා ආධාර උපකාර ලබාදීමේ පළමු පියවර ලෙස මැදගම කදමඩිත්ත ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානය සඳහා බුදුපිළිම වහන්සේ නමක් ඇතුළුව විහාරස්ථානය සඳහා අවශ්‍ය කරන උපකරණ සහ මුදල් ආධාර පරිත්‍යාග කිරීම මෙම 25 වෙනි දින සවස ශ්‍රී ඛෙත්තාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ. බුදුපිළිම වහන්සේ ඇතුළු ආධාර රැගත් රථ පෙරහර එදින උදෑසන 09.00 ට කුඩා අරුක්ගොඩ ශ්‍රී මහේන්ද්‍රාරාම විහාරස්ථානයෙන් ආරම්භ කොට බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, රත්නපුරය, පැල්මඩුල්ල, ගොඩකවෙල, ඇඹිලිපිටිය, මිද්දෙණිය හරහා සවස 07.00 ට පමණ ශ්‍රී ඛෙත්තාරාම විහාරස්ථානය වෙත ළඟාවීමට නියමිතය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.