Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පෝරතොට පේමරතන හිමියන්ට සංඝනායක පදවියක්

මල්වතු මහා විහාරීය විංශත්වර්ගික කාරක මහා සංඝ සභාව විසින් රත්මලාන බොරුපන ලක්සිරිපුර සිරි විවේකාරාමාධිපති පෝරතොට පේමරතන හිමියන් වෙත ධර්ම කීර්ති ශ්‍රී අනෝමදස්සී ගෞරව නාමය සහිතව කොළඹ දිස්ත්‍රික්කයේ හල්පිටි කෝරළයේ, පල්ලේපත්තුවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත. අක්තපත්‍ර ප්‍රදානෝත්සවය මේ මස 23 වැනි බ්‍රහස්පතින්දා මහනුවර මල්වතු මහා විහාරයේදී ද පැවැත්වෙන අතර 25 වැනි සෙනසුරාදා සවස 03 ට සිරි විවේකාරාමයේ දී පැවැත්වෙන පදවිප්‍රාප්ති උත්සවයේ ප්‍රධානත්වය උසුලන්නේ මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිත සිරි නා හිමියන් විසිනි. අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී වන උත්සවයට තැපැල් ඇමැති ජීවන් කුමාරතුංග, ඇමැති පියසේන ගමගේ, මොරටුව නගරාධිපති සහ නාගරික මන්ත්‍රීවරු ඇතුලු විශාල පිරිසක් සහභාගී වෙති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.