Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උපහාර පිදීම 25 වන දා මලේගොඩ දී

ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ 40 වැනි සංවත්සරයට සමගාමීව දම්පල් පදනමේ උත්තරීතර අනුශාසක අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහනාහිමියන්ගේ 102 වැනි ජන්ම දිනය අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහනාහිමියන්ගේ 95 වැනි ජන්ම දිනය අතිපූජ්‍ය මාතර විමලරතන මහනාහිමියන්ගේ 96 වැනි ජන්ම දිනය අතිපූජ්‍ය කොස්ගොඩ සිරි සරණංකර මහනාහිමියන්ගේ 75 වැනි ජන්ම දිනය සහ දම්පල් පදනමේ මහා ලේඛකාධිකාරී මලේගොඩ නන්ද නාහිමියන්ගේ 65 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙන් උන්වහන්සේලාට උපහාර පිදීම හා 2010 ජාතික සම්මාන ප්‍රදානය සපරගමු අමරපුර සද්ධම්මවංස මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කුරුවිට සිරි සරණංකර මහනා හිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය බෝපිටියේ වංශානන්ද නාහිමි සහ අමරපුර සිරි සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංස මහනාහිමි ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 25 වැනි දින පස්වරු 2.00 ට පයාගල – මලේගොඩ පුෂ්පාරාම මහා විහාරයේ දී පැවැත්වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.