UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලංකා පටුන සමුද්‍රගිරි විහාරයේ කඨින පින්කම මහරගම විද්‍යාකර බාලිකා විදුහලෙන්


මහ සඟරුවන ආගමික වතාවත් මෙහෙයවමින්...

ලංකාපටුන සමුද්‍රගිරි විහාරය වසර 30 ක නිහැඬියාවකින් පසු පසුගිය වසරේදී බෞද්ධ සැදැහැවතුන් ගේ වන්දනාව සඳහා විවෘත විය. හේමමාලා, දන්ත කුමරු ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩමවූ වරාය අසබඩ පිහිටි එම විහාරස්ථානය ත්‍රස්තවාදින් ගෙන් රට මුදාගත් 2009 වසර දක්වා බෞද්ධයන්ට වන්දනා කිරීමේ අවස්ථාව අහිමිවී ගොස් තිබිණි.


ලංකාපටුන සමුද්‍රගිරි විහාරයේ පැවැති පින්කමට
මහා සංඝරත්නය වැඩම වූ අයුරු

එමෙන්ම ඊට ආසන්නයේ පිහිටි කල්ලඩි හි කොටි ගුවන් විදුලිය පවත්වාගෙන ගිය ඓතිහාසික පාෂාණ පබ්බත පුද බිමද බෞද්ධයින්ට අහිමිව පැවැතියේය.

එම ස්ථාන දෙකම යුද හමුදාව විසින් මුදා ගැනීමෙන් අනතුරුව සේරුවිල මංගල රජමහා විහාරාධිපති නැගෙනහිර තමන්කඩුව දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සේරුවිල සරණකිත්ති නා හිමියන් වෙත භාර විය. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය මත මේවන විට එම පූජා භූ®මි දෙකම බෞද්ධයින්ට වැද පුදාගැනීමට ඉඩකඩ ලැබී ඇත.

නමුත් 2009 වසරේ සහ 2010 කඨින පූජෝත්සවය පැවැත්වීමේදී ඇතිවූ දුෂ්කරතා සැලකිල්ලට ගත් එවකට ත්‍රිකුණාමලයේ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ ඉල්ලීම අනුව මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ ධර්‍මාචාර්ය හේනෙගම ධම්මාලෝක හිමියෝ ඊට උරදුන්හ.


විද්‍යාකර බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ඇම්. ඩී. ඇල්. අධිකාරී මහත්මිය ප්‍රමුඛ සිසුවියන් ආගමික වතාවත්වල නිරත වූ අවස්ථාව.

විද්‍යාකර බාලිකා විද්‍යාලයේ දැරියන්, ගුරු දෙගුරුන් සමග මහරගම ප්‍රදේශයේ මහා සංඝරත්නය ද එහි වැඩමවා 2009 වසරේ කඨින පින්කම සිදුකළ අතර මෙවර ද ඒ අයුරින්ම ලංකා පටුන සමුද්‍රගිරි විහාරයේදී සර්වරාත්‍රික පිරිත් දෙසුමක් පවත්වා පසුදින ස්ථාන දෙකේම කඨින පින්කම් සිදු කැරිණි.

පාසල් සිසුවියන් විසින් නොකඩවා දෙවන වරටත් මෙවැනි පුණ්‍ය කර්මයන් සිදුකිරීමට යොමුවීම සෙසු පාසල් දරුවන්ට ද ආදර්ශමත් බව සේරුවිල සරණකිත්ති නා හිමියෝ පැවැසූහ.


මහ සගරුවන වැඩම කරවූ අවස්ථාව.

එම අවස්ථාවන්ට බ්‍රාහ්මණගම රතනසිරි (මහරගම විපශ්‍යාරාමාධිපති) අනුනාහිමියන්, පරදන්ඩේ ඉන්දරතන (නාවින්න රජමහා විහාරාධිපති) නාහිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය පනස් නමක් පමණ සහභාගි වූහ. මහරගම ටී.ඩී. සිරිසේන







 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් 05 වන දා ඉරිදා පූර්ව භාග 12.23 ට ලබයි.එදිනම අපර භාග 11.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 05 වන දා ඉරිදාය.
මීළඟ පෝය
දෙසැම්බර් 13 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]