UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිදුහත් බෝධිසත්වයන් වහන්සේ, සම්බුදු පදවි ප්‍රාප්තවී, අවුරුදු 2600 සපිරෙන්නේ 2011 මැයි මාසයේ, වෙසක් සමයේදී ය.

මෙය, බෞද්ධ ලෝකයාට අති විශිෂ්ට පුවතකි. මිනිස් ඉතිහාසයෙහි පහළ වූ මහා ම ශාස්තෘන් වහන්සේ නමකගේ ආධ්‍යාත්මික ජයග්‍රහණයක් හෙයින්, මේ උළෙල මුළු මානව වංශයට ද අගනා අවස්ථාවකි.

සිදුහත් බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වය ලැබ, 2011 වසරේදී අවුරුදු 2600 උදාවන බව ඇතැමුන්ට අවබෝධ කොට ගැනීම තරමක් අපහසු ය.

අද ව්‍යවහාර වන බුද්ධ වර්ෂ ක්‍රමයට අනුව, 2011 වර්ෂය, බුද්ධ වර්ෂ වශයෙන් 2554 වන අවුරුද්ද යි. ඒ නිසා, 2011 දී ලබන්නේ බුද්ධ වර්ෂ 2555 යි. විශේෂයෙන් සැළකිය යුතු කරුණක් මෙහිදී උද්ගත වෙයි. බුද්ධ වර්ෂය ගණන් ගනු ලබන්නේ, බුදුහිමියන්ගේ පරිනිර්වාණයෙහි පටන් ය. ඒ නිසා, 2011 වර්ෂයේදී බුදුහිමියන්ගේ පරිනිර්වාණයෙන් අවුරුදු 2555 කි. මේ අනුව, ක්‍රි.ව. 2011 බුද්ධ වර්ෂය 2555 වෙයි.

සිදුහත් බෝධිසත්වයන් වහන්සේ බුද්ධගයාවේ බෝ මැඩදී බුදුබව ලැබ, සිය ධර්මය ලෝ සතුන්ට බෙදා දී පිරිනිවන් පෑහ. ඒ නිසා, සිදුහත් තවුසාණන් බුදු පදවිය ලද කාලවකවානුව, ගණන් බලනු පිණිස, සම්මත බුද්ධ වර්ෂයට තවත් අවුරුදු 45 ක් එකතු කළයුතු වේ. අද අප ගත කරන්නේ බුද්ධ වර්ෂ 2554 හේ අවුරුද්ද යි. මෙයට තවත් 45 ක් එකතු කළ විට 2599 යි. ඒ නිසා, මේ අවුරුද්ද (2011) සිදුහත් තවුසාණන් බුද පදවිය ලැබ අවුරුදු 2600 සපිරෙන, ශ්‍රේෂ්ඨ වර්ෂය යි.

මේ මහා බෞද්ධ උළෙල කේන්ද්‍රකොටගෙන, ජාත්‍යන්තර මට්ටමේ බෞද්ධ චිත්‍රපට උළෙලක්, බුද්ධත්ව ජයන්ති ජාත්‍යන්තර බෞද්ධ චිත්‍රපට උළෙල සංවිධානය විසින්, උත්කර්ෂවත් ආකාරයෙන් පවත්වන්නේ ය. මේ සුවිශේෂි බුද්ධත්ව ජයන්ති චිත්‍රපට උළෙලට පූර්විකා වශයෙන්, මෙයට පෙර අවස්ථා දෙකකදී, ජාත්‍යන්තර චිත්‍රපට උත්සව පැවැත්විණි.

ඒ, 2009 වෙසක් සමයේදී සහ 2010 වෙසක් සමයේදීත් ය. එම බුද්ධත්ව ජයන්ති ජාත්‍යන්තර චිත්‍රපට උළෙල දෙක ද, අතිශයින් සාර්ථක වූහ.

2010 වෙසක් සමය උදෙසා පැවැත්වූ ජාත්‍යන්තර බුද්ධත්ව ජයන්ති චිත්‍රපට උළෙලේ සම්මාන ලාභීන්ට, ඒ තිළිණ ප්‍රදානය කරනු ලැබුවේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය. ඇතැම් ජයග්‍රාහකයෝ, ජනාධිපති තුමන් අතින් ම සම්මාන ලැබූහ.

මේ පසුගිය වාර දෙකේ දී, දේශීය හා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට සහභාගිවූවන් විසින් ලබන ලද වරප්‍රසාදවලට, බොහෝ සේ අධික වරප්‍රසාද, 2011 දී පැවැත්වෙන 2600 බුද්ධත්ව ජයන්ති උළෙලට සහභාගි වන පිරිසට ලැබෙන්නේ ය. එසේ සහභාගිවනු කැමති පිරිස සඳහා, විශේෂ සම්මන්ත්‍රණ සහ වැඩමුළු කිහිපයක් ම පැවැත්විණි. මෙහිදී, ඒ වරප්‍රසාද ලබා දෙන ලද්දේ නොමිලයේ ය.

2011 චිත්‍රපට උළෙලට, සහභාගිවීමට පෙරාතුව, ඒ සහභාගිවන අය උදෙසා, තවත් ජාත්‍යන්තර මට්ටමේ වැඩ මුළුවක් පවත්වන්නට ද යෝජිතව ඇත්තේ ය. 2011 දී පැවැත්වෙන 2600 බුද්ධත්ව ජයන්ති ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට, විවිධ නිර්මාණ සපයමින් සහභාගි විය හැකිය.

එසේ ඉදිරිපත් කළ හැකි නිර්මාණ වර්ග මෙසේ ය.

ළමා චිත්‍රපට (CHILDREN’S FILMS)

කෙටි චිත්‍රපට (SHORT FILMS)

වෘත්තාන්ත චිත්‍රපට (FEATURE FILMS)

සජීවීකෘත චිත්‍රපට(ANIMATION FILMS)

අර්ධ නාට්‍යමය චිත්‍රපට  (DOCU – DRAMA)

ජංගම දුරකතන චිත්‍රපට (MOBILE PHONE FILMS)

ශ්‍රව්‍ය දෘශ්‍ය බෞද්ධ සංගීත  (BUDDHIST MUSIC VIDEOS)

ඊ.වෙසක් පත් තරගය (E. CARD COMPETITION)

බෞද්ධ ඡායාරූප ප්‍රදර්ශනය (PHOTOGRAPHY EXHIBITION)

බෞද්ධ කලා නිර්මාණ ප්‍රදර්ශනය (ART EXHIBITION)
 

විශේෂයෙන් සැළකිය යුතු කරුණ නම්, මේ නිර්මාණය කෙරෙන චිත්‍රපට තුළ, බෞද්ධ තේමා අන්තර්ගත විය යුතු බවයි.

මේ මහා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට සහභාගිවනු කැමති අයට, තවමත් අවස්ථාව ඇත්තේ ය. මක්නිසාද යත්, මේ චිත්‍රපට එවිය යුතු දිනය මාර්තු මස 31 දා හෙයිනි.

මේ චිත්‍රපටවල කාලය, තාක්‍ෂණික ලක්‍ෂණ, ඉදිරිපත් කිරීමේ ක්‍රමය ආදී විස්තර සපයන්නට, සංවිධායකයෝ සැදී පැහැදී සිටිති.

දවසේ ඕනෑම වේලාවක, මේ චිත්‍රපට උළෙලේ සමබන්ධීකාරකයන් අමතා විස්තර ලබාගත හැකිය. සමබන්ධීකාරක නිලධාරීන් දෙදෙනා සංඛ මෙවන් හේරත් සහ අනුරුද්ධ ගුණසේකර යි.

ඔවුන්ගේ දුරකථන අංකය 2696822 වේ.

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් 05 වන දා ඉරිදා පූර්ව භාග 12.23 ට ලබයි.එදිනම අපර භාග 11.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 05 වන දා ඉරිදාය.
මීළඟ පෝය
දෙසැම්බර් 13 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]