Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගංගොඩවිල සෝම හිමියන්ගේ ගුණ සමරු පින්කමක් මහනුවර දී

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ හත්වන (7) ගුණ සමරු පින්කමක් මෙම මස 12 වන දා පෙරවරු 8.00 සිට සවස 6.00 දක්වා මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරස්ථානයේදී පැවැත්වේ.

අභිමානි සමාජ සංවර්ධන පදනම ඇතුළු මහනුවර බෞද්ධ සමිති සංවිධාන එම පින්කම සංවිධානය කර ඇත.

එම වැඩසටහන දවස පුරා මෙහෙයවනු ලබන්නේ මාවරලේ භද්දිය හිමියන් විසිනි. සීල සමාදානය, බුද්ධ වන්දනාව , ධර්ම දේශනා , භාවනා ධර්ම සාකච්ඡා සමග දේශනා ඇතුලත් ගුණසමරුව පැවැත්වේ. අ.පො.ස. සාමාන්‍ය පෙළ දරුවන් සඳහා විශේෂ ආශිර්වාද පූජාවක් ද වැඩසටහනට ඇතුලත්වේ. මහනුවර සියලුම බෞද්ධ සමිතිවල සහභාගිත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මූලික සාකච්ඡා වාර කිහිපයක් මහනුවර තරුණ බෞද්ධ සංගම් මූලස්ථානයේදී පවත්වන ලදී. මහනුවර වෛශාඛ දාන සංග්‍රහ සමිතිය සැදැහැවතුන් සඳහා සංග්‍රහයක්ද පවත්වන අතර තවත් සංවිධාන කීපයක්ම සමාජ සත්කාර වැඩසටහන්ද ක්‍රියාත්මක කරනු ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.