Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ ශිෂ්‍යාධාර පිරිනැමීම 5 වනදා

ප්‍රංශයේ ජේතවනාරාමාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් විසින් වාර්ෂිකව පිරිනමනු ලබන ශිෂ්‍යාධාර ප්‍රදානෝත්සවය මෙම මස 5 වනදා කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දී සිදු කැරේ. ආර්ථික අපහසුතා ඇති වෛද්‍ය සිසුන් රැසකට එම ශිෂ්‍යාධාර මේ වන විට පිරිනමා ඇති අතර මෙවර ද වෛද්‍ය සිසුන් රැසකට එම ශිෂ්‍යාධාර පිරිනමනු ලැබේ. මෙරට සෑම දිසාවකම සිසු සිසුවියන් ඊට ඇතුළත් වන බවද මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියෝ පැවැසූහ. මසකට රුපියල් 1500 බැගින් සරසවිවල තෙවන, සිව්වන හා පස්වන වසරවල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා එම ශිෂ්‍යාධාර පිරිනැමේ. ඊට අමතරම රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් දොළොස් දෙනෙකු සඳහාද මෙවර ශිෂ්‍යාධාර පිරිනමනු ලැබේ.

එම සිසු දරුවන්ටද මසකට රුපියල් 1500 ක් බැගින් අධ්‍යාපනය අවසන් වන තුරු එම ශිෂ්‍යාධාර පිරිනමන බවද ඤාණිස්සර නාහිමියෝ පැවැසූහ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.