Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 35 වන කොටස

අත්ත වග්ගය

157
අත්තානං චේ පියං ජඤ්ඤා – රක්ඛෙය්ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤතරං යාමං - පටිජග්ග්‍යෙය පණ්ඩිතො

ඔබ ඔබට ටිකක්වත් ආදරය කරයි නම් – කුසල් කොට ජීවිතය රැක බලා ගතයුතුය.

හිතවතුනි, ජීවිතය හරවත්ව ගෙවෙන්නේ – ගුණ දහම් වලට එය නැඹුරු කළ තරමටය...

158
අත්තානමෙව පඨමං - පතිරූපෙ නිවෙසයෙ
අථඤ්ඤමනුසාස්‍යෙය න කිලිස්සෙය්ය පණ්ඩිතො

ඔබ සුසංවර වන්න – පසුව උපදෙස් දෙන්න. එබඳු වූ නැණැත්තෝ සදහටම කිලිටි නැත...

හිතවතුනි, අනුන්ගේ වැරැදි දක්නට පළමු - තමා තුළ ඇති වැරැදි හදා ගත යුත්තේ ය...

159
අත්තානං චේ තථා කයිරා - යථඤ්ඤමනුසාසති
සුදන්තෝ වත දම්මෙථ – අත්තාහි කිර දූද්දමො

උපදෙසක් දෙන්ට පෙර – තමා සංවර වන්න. සංවරව හැසිරීම පහසු වූවක් නොවේ.

හිතවතුනි, සංවරය - දෙලොව ජය ගැනීමකි. මෙලොව දියුණුවට ඇති නොවරදින මාවතකි.

160
අත්තාහි අත්තනො නාථො - කොහි නාථො පරොසියා
අත්තනා ව සුදන්තේන – නාථං ලභති දුල්ලභං

තමා වෙත ලැබෙන්නේ – තමාගේ පිහිටමය. මෙය අපට දැනෙන්නේ - සුසංවර වූ විටය.

හිතවතුනි, අනුන්ගේ පිහිට පතනා අයට – නිසැක ලෙස පරාජය උරුම වනු ඇත්තේ ය.

161
අත්තනා ව කතං පාපං - අත්තජං අත්ත සම්භවං
අභිමන්ථති දුම්මේධං - වජිරං වස්මමයං මණිං

තමා තුළ පහළවූ - තමා කළ පාපයෙන් – තමා වැනසෙන්නේය. - බේරුමක් නැත්තේය.

හිතවතුනි, වැරැද්දේ – විපාකය පසු පසින් – දිවා රෑ පැමිණෙමින් අපට දුක් දෙන්නේය...

මතු සම්බන්ධයි

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.