Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන වැලිගම වල්ලිවල, අලුත්පාරේ පදිංචි කේ.ඩී. විනී මහතාට සැත්කමක් සඳහා “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇතැයි ද පරිත්‍යාගශීලියකු වෙතොත් ඊට දායකවන ලෙස ඉල්ලීමක් කැරේ. දුරකතනය අංක.072 8440192, 041 2252057, 072 6111630 වේ.


කොළඹ 14 ස්ටේස්පුර 185/4 ලිපිනයේ පදිංචි, ඇල්.ඩොරින් නැමැත්තියගේ ස්වාමියා වකුගඩු ආබාධයෙන් පෙළෙන බැවින්, ඔහුට සැත්කමක් කිරීමට අවශ්‍ය වී ඇතැයිද එම සැත්කම සඳහා අවශ්‍ය මුදල් නොමැතිකම නිසා මහජන ආධාර අපේක්‍ෂා කැරේ.


කමල් හරේන්ද්‍ර පෙරේරා (49) නමැති අය 39/ඒ/1 ළියඟුවත්ත – වීදියවත්ත – උඩුගම්පොළ යන ලිපිනයේ පදිංචිය දරන අතර තිදරු පියෙකි. ලොරි රියදුරෙකු වශයෙන් සේවයේ යෙදී සිටියදී හදිසියේ හදවත් රෝගාබාධ තත්ත්වයකට පත්ව ඇතැයි කියයි. කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය නිර්දේශය වී ඇත්තේ එම රෝගියාට කඩිනමින් හදවත් ශල්‍යකර්මයක් කළ යුතු බවයි. ඒ සඳහා විශාල මුදලක් වැය වන බවත් කියයි. දැනට රැකියාවක් වත් කළ නොහැකි තත්ත්වයේ පසුවන එම රෝගියා දරු තිදෙනා සහ බිරිඳත් සමඟ දුක්ඛිත ජීවිතයක් ගත කරන බවද කියයි. ඔහුගේ ශල්‍යකර්මය සඳහා අවශ්‍ය වන මුදල සොයා ගැනීමට අසීරු හෙයින් මහජන ආධාර අපේක්‍ෂා කරයි. ගිණුම් අංකය, 026 – 2 – 002- 8 – 0011916 මහජන බැංකුව, උඩුගම්පොළ මෙම ගිණුමට මූල්‍ය ආධාර සැපයිය හැකිය.


වැල්ලවත්ත නො.90/10, පිටර්සන් ලේන් හි පදිංචි 32 හැවිරිදි දිනේෂ් සිල්වා මහතා ඉතාමත් දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව කියයි. ඔහුට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කිරීමට අවශ්‍යව ඇති හෙයින් ස්වයං රැකියාවෙන් තම පවුල නඩත්තු කළ මොහුට වකුගඩුවක් ලබා දීමට කැමැති පරිත්‍යාගශීලියකු වෙතොත් විමසන්නැයි ඉල්ලීමක් කැරේ. 0772 – 752998


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.