Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නැවකඩ සෙල්ගිරි විහාරයේ පිරිත් දේශනා

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය (2600) වෙනුවෙන් හෙළ කලා කරුවන් අතින් නිර්මාණය වන ලොව විශාලතම ශෛලමය හිටි බුදු පිළිම වහන්සේ නිර්මාණය කිරීමේ මහා පින්කමේ පූර්ව ආගමික වතාවත්හි දෛනිකව සිදු කෙරෙන ආශීර්වාදාත්මක පරිත්‍රාණ දේශණය මෙම නොවැම්බර් මස 19 වන දින සවස 6 ට එම සෙල් පිළිමය නිර්මාණය කෙරෙන උඩුබද්දාව නැවකඩ සෙල්ගිරි විහාරයේ දී සිදු කෙරේ.

සෙල් පිළිම වහන්සේ නිර්මාණය කිරීමේ කටයුතු අවසන් වන තෙක් ශතාධික ගරුතර මහා සංඝ රත්නයේ සහභාගිත්වයෙන් දිනපතා සවස 6 සිට රාත්‍රි 8 දක්වා මෙම ආශීර්වාද පරිත්‍රාණ දේශන පැවැත්වෙන බැව් නැවකඩ සෙල්ගිරි විහාරවාසී ආලංකුලමේ පේමසිරි හිමියෝ පැවසූහ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.