Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතර බෝධි රාජයා අබියස පැවැත්වෙන සීල භාවනා සතර සතිපට්ඨාන පින්කම් මාලාවක්

මාතර බෝධි ආරක්‍ෂක සභාවේ පූර්ණ අනුග්‍රහය ඇතිව මාතර බෝසත් පාරමි සංවිධානය මගින් මෙම 27 වන දින පෙරවරු 5.30 සිට පසු දා පහන්වනතුරු මාතර ඓතිහාසික බෝධි රාජයා අබියස විශේෂ පුණ්‍යෙීත්සවයක් පැවැත්වේ. දහස් සංඛ්‍යාත සැදැහැවතුන් සහභාගි වන පෙහෙවස් සමාදානය, සත් බුදු වන්දනාව, නෙළුම් මල් ලක්‍ෂයක පූජාව, අසූ හාරදහසේ පහන් පූජාව, සූවිසි පට්ඨාන දේශනාව, සත් තිස් බෝධි පාක්‍ෂික ධර්ම පූජාව, තෙසැත්තෑ ඤාණ පූජාව, පසුදා පහන් වන තුරු සිදු කෙරෙන සතර සතිපට්ඨාන දේශනාව පසු දින උදෑසන අරණ්‍යගත ස්වාමීන් වහන්සේලා සියයක් නමක් විෂයෙහි පිරිනැමෙන සපිරිකර සංඝගත දක්‍ෂිණාව මේ වැඩසටහනට ඇතුළත් සුවිශේෂ පුණ්‍ය කටයුතු වේ . මේ පුණ්‍යෙීත්සවයට ශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාර්ය මහා කම්මට්ඨානාචාර්ය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ ද වැඩම කරවීමට නියමිතව ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.