Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් දරුවන් 100 සසුන් කෙතට

සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් දරුවන් සිය දෙනෙක් පැවිදි කරවීම හා ඔවුන්ට ධර්ම විනයානුකූ®ල පුහුණුවක් ලබාදීමට කොළඹ 7 ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාරය කටයුතු යොදා ඇත. 2011 මැයි මස මුල් සතියේ මහියංගන සෑ රදුන් අබියස පැවිදිකරවීම, විශේෂ ධර්ම විනය හා භාවනා පුහුණුවක් සඳහා තායිලන්තයේ බැංකොක් නුවර “ ධම්මකාය “ භාවනා මධ්‍යස්ථානයේ මාස 06 ක විශේෂ පුහුණුවක් ලබාදීමද සිදුකැරෙන බව කියයි. ධර්මදූත මෙහෙවරෙහි යෙදීමට මේ නවක භික්ෂූන් වහන්සේලාට පැරණි ආරණ්‍ය ප්‍රතිපදා පිරීම සඳහා ආරණ්‍ය සේනාසනයක් සකසා ශ්‍රී‍්‍ර ලංකාවේ ත්‍රිපිටක ධර්මය හා භාවනා ක්‍රම පිළිබඳ විශේෂයෙන් ඉගැන්වීමක් කර ඔවුන් බෞද්ධයා “ රූපවාහිනි නාලිකාව හරහා ධර්ම සන්නිවේදන කාර්යයට යොමු කරවීමට අපේක්‍ෂා කරන බවද කියයි. වැඩි විස්තර සඳහා :- දුරකථන - 0117215288 ,0112689307, ෆැක්ස් 0112689308 මගින් දැනගත හැකිය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.