UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම්

ජය ශ්‍රී මහා බෝධිස්ථානය

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිස්ථානයේ වාර්ෂික කඨින පින්කම මෙම මස 19 සහ 20 යන දිනයන්හි දී ජය ශ්‍රී මහා බෝධිස්ථානයේ දී පැවැත්වේ.

19 වෙනිදා සවස බෝධි පූජාව ද අනතුරුව ආසන තුනේ කාව්‍යමය ධර්ම දේශනාවක් පවත්වා අලුයම් යාමයෙහි කඨින මහා වස්ත්‍රය පෙරහරකින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ තෙවරක් පැදකුණු කොට තිස්සාරාම විහාරස්ථානය වෙත වැඩමවා භාරදීම සහ උදෑසන දානයද 35 නමකට අධික මහා සංඝරත්නය උදෙසා දවල් සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට ද තීරණය කර ඇත.


දඹදිව කඨින පින්කම්

ඉන්දියානු මහාබෝධි සමාගමේ මහාලේකම් භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන්ගේ් අනුශාසනා පරිදි දඹදිව බුද්ධගයා, කල්කටා ධර්මරාජික විහාරය, බරණැස ඉසිපතන මිගදාය, ලුම්බිණිය, නවදිල්ලි, ලක්නව්, ඔරිස්සා යන ස්ථානයන්හි දී වාර්ෂික කඨින මහා පින්කම් සිදුකිරීමට කටයුතු යොදා ඇත.

නොවැම්බර් 13 වනදා කල්කටාවේ ශ්‍රී ධර්මරාජික විහාරයේ කඨින පින්කම උදෑසන කඨින පෙරහර සමඟ ආරම්භ වේ. උදෑසන සිට සවස් භාගය දක්වා විවිධ පින්කම් සිදුවන අතර බෙංගාලි භාෂාවෙන් කඨින ධර්ම දේශනාව සිදුකරනු ලබන්නේ් බටහිර බෙංගාලයේ විදර්ශනා කේන්ද්‍රයේ විහාරාධිපති විදර්ශනාචාර්ය බුද්ධරක්ඛිත හිමියන් විසිනි.

සිංහලෙන් ධර්ම දේශනාව සිදුකරන්නේ පොළොන්නරුවේ ප්‍රධාන සංඝනායක එල්. දේවානන්ද හිමියන් විසිනි.

කල්කටා නගරය අවට සිටින සිංහල බෞද්ධ පිරිස එකසිය පනහක් පමණ මෙකී පින්කමට සහභාගී වීමට නියමිතය. මෙවර කල්කටාවේ කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය දරන්නේ දේවිකා කරුණාරත්න මහත්මිය ඇතුළු පවුලේ සැම විසිනි.

බුද්ධගයාවේ සිදුකරන කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය දරන්නේ සුරංජිත් මෝටර්ස් අධිපති රංජිත් කරුණාරත්න මහත්මා සහ එම මහත්මිය යි.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්මහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරඛ්ත මහානාහිමි කැලණි රාජමහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝ රක්ඛිත නාහිමි, කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමි, කඹුරුගමුවේ වජිර ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහාසංඝරත්නය සහභාගිවන එම පින්කම නොවැම්බර් 17 , 18 දෙදින සිදුකෙරේ.

ඉන්දියානු මහාබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානාධිපති පැල්වත්තේ සීවලි ස්වාමින් වහන්සේ ගේ අනුශසනා පරිදි සිදුවන මෙකී පින්කමට දෙස් විදෙස් හි ගරුතර මහසංඝරත්නය පන්දහසක් පමණ සහභාගී වීමට නියමිතය.

මුලගන්ධිකුටි විහාරයේ වාර්ෂික උත්සවය සමඟ බරණැස ඉසිපතන මිගදායේ කඨින මහා පින්කම නොවැම්බර් මස 19, 20, 21 යන තෙදින ඉන්දියානු මහාබෝධි සමාගමේ සාරානාථ මධ්‍යස්ථානාධිපති ආචාර්ය කහවත්තේ සිරිසුමේධ හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකැරේ උතුරු ඉන්දියාවේ විධාන සභාවේ කථානායක මෞරයා ප්‍රධාන අමුත්තා වන අතර ඉසිපතන මහාබෝධි මධ්‍යස්ථානය මගින් පාලනය වන විද්‍යාල සමූහයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානයද මෙදින සිදුකෙරේ.


කොබවක

කොබවක, ශ්‍රී සුමනාරාමයේ කඨින පින්කම මෙම මස 12 , 13 දිනවලදී පැවැත්වේ. ශ්‍රී‍්‍ර සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි එම පින්කම විහාරස්ථ දායක සභාව හා ශ්‍රී සුමන උපාසිකා සමිතිය සංවිධානය කර ඇත.


කොටවාය පුරාණ රජ මහ විහාරය

අගුණකොළපැලැස්ස කොටවාය පියංගළු වෙහෙර පුරාණ රජ මහ විහාරස්ථානයේ කඨින පූජා මහෝත්සවය හා කුලදරුවන් 05 දෙනකු සසුන් ගත කිරීමේ පින්කම මෙම මස 19 හා 20 දින සිදුකැරේ.

අභිනව දාන ශාලාව විවෘත කිරීම 19 දින සවස සිදු කැරෙන අතර එදින රාත්‍රී සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සිදු කරනු ඇත. කඨින චීවරය හා පූජා භාණ්ඩ රැගත් පෙරහර එදින රාත්‍රී වීථි සංචාරය කැරේ.

පසුදින උදෑසන කුලදරුවන් පැවිදි කිරීමෙන් අනතුරුව නව දාන ශාලා පරිශ්‍රයේදී 50 නමක විෂයෙහි මහ සංඝගත දක්ෂිණාව පිරි නැමෙන බව පස්ගොඩ ඤාණාලෝක නා හිමියෝ පවසති.


රන්න සමූහ බන්දුල සේනානායක නෝටන්බ්‍රිජ්

නෝටන්බ්‍රිජ් ශ්‍රී සුධර්මාරාමයේ කඨින පින්කම මෙම මස 13 ,14 දෙදින තුළ පැවැත්වේ. 13 වනදා සර්ව රාත්‍රී පරිත්‍රාන ධර්ම දේශනාව පවත්වා පසු දින ටැප්ලෝ ජනපදයේ පදිංචි යූ.කේ. ජී. දයාසිරි මහතාගේ නිවසේ සිට කඨින චීවරය රැගත් පෙරහර විහාරස්ථානයට ළඟා වේ. පෙරවරු 10.30 ට එම කඨින චීවරය පූජා කිරීම සහ කඨිණානිශංස ධර්ම දේශනාව පැවැත්වේ.


කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානය

කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කඨින පුණ්‍යකර්මය මෙම මස 13 ,14 යන දෙදින තුළ සිදුකිරීමට සියනෑ විපස්සනා කාර්ය සාධක සමිතිය හා සීල භාවනා සමිතිය කටයුතු කරගෙන යන බැව් භාවනා මධ්‍යස්ථානාධිපති ඉඟුරුවත්තේ පියනන්ද මහ නාහිමියෝ පවසති.


ලෙල්ලොපිටිය

රත්නපුර ලෙල්ලෝපිටිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කඨින මහා පුණ්‍යකර්මය නොවැම්බර් 19 ,20 යන දෙදින තුළ රුවන්පුර විපස්සනා කාර්ය සාධක සමිතියේ මූලිකත්වයෙන් හා භාවනා මධ්‍යස්ථානාධිපති ඉඟුරුවත්තේ පියනන්ද මහ නාහිමිපාණන් වන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 13 වන දා සෙනසුරාදා පූර්ව භාග 09.01 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 11.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 13 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් මස 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 13

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]