UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිමවුවරුන්ට දානයක්

සටහන - සකුන්තලා ජයසිංහ


පෙළට සැදි කිරි මව්වරුන් දානයට පැමිණි අයුරු

ලොව වෙසෙන දරුවන්ට ජීවය දෙන්නේ අම්මාවරුන්ය. ජාතියට නීරෝගී දරු පරපුරක් බිහි වන්නේ ද සුවහසක් මවුවරුන්ගේ රුධිරය කිරට හැරීමේ ලොව ආශ්චර්යතම සංසිද්ධියේ මහිමයෙනි.

මවුගුණ සුවඳ විහිදුවා තම තුරුලේ උණුසුමේ හොවා දරුවන් රකින මෙවන් මවුවරුනට දොහොත් මුදුන් දී වැඳුමට සුදුසු ය. එවන් මවුවරු ගෞරවයට පාත්‍ර වන්නේ ගිහි සමාජයෙන් පමණක් ම නොවේ.


කාසිකොටේ ධම්මරක්ඛිත හිමියන් තම දෑතින් කිරි මවුවරුන්ට දානය පිරිනැමූ අයුරු

මවුගුණ වරුණ දන්නා බුද්ධ පුත්‍රයන් අතින්ද  ගරු සැළකිලි ලබති. තම සසර පාරමිතා මුදුන් පමුණුවා ගන්නට පෙර පාරමී පුරණ මේ බුද්ධ පුත්‍රයාණන් ද නිවන් මඟ පතා කිරි මව්වරුන් එක් දානයකින් හෝ පෝෂණය කරන්නට සැදැහැසිතින් ඉදිරිපත් වූයේ එහි අනුහස මෙතෙකැයි දැන දැනම විය හැකි ය.

අඹන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරවාසී කාසිතොටේ ධම්මරක්ඛිත හිමියෝ තම වියදමින් තම උපදෙසින් සැදැහැතියන් ලවා පිළියෙළ කරගත් පෝෂ්‍යදායි අංගසම්පූර්ණ ආහාර වේලකින් කිරිමවුවරුන් සඳහා දුර්ලභ ගණයේ දානයක් ඉකුත්දා (10) පිරිනමනු ලැබූහ.

කිරි අම්මාවරුන්ට දෙන දානයකට වඩා බෙහෙවින් වෙනස් වූ කිරි මව්වරුන්ගේ දානය පිළියෙළ වූයේ ධම්මරක්ඛිත හිමියන්ගේ කැමැත්ත පරිදිය. කුඩා දරුවකු කිරෙන් පෝෂණය කරන අම්මා කෙනකුට සුදුසු ආහාර වට්ටෝරුවක් දානය සඳහා සකස් විය.


දරුවන් අතැතිව දානයට පැමිණි කිරි මව්වරුන්

මවුකිරි වඩවන, මවටත්, කිරි බොන දරුවාටත් අපථ්‍යයක් නොවන වෑංජන ඊට එක් විය. රසවත් අතුරුපසද විය. පෙළට පැමිණි දරු පැටවුන් හොවා ගත් මවුවරු පිළිගනු ලැබුවේ දෙපා දෝවනය කරවීමෙන් මහත් භක්තියෙනි.

මවුවරුන් අසුන් ගන්වා ධම්මරක්‍ඛිත හිමියන්ගේ දෑතින්ම දානය පිරිනැමිණි.

අතුරු පසද එසේම විය. ආහාර දානයෙන් පසු ධම්මරක්ඛිත හිමියන්ගේ වියදමින්ම මවුවරුන්ට ත්‍යාගය පිරිනැමිණි. මේ මහා භද්‍රකල්පයේ ගිහි පැවිදි උත්තමයන් අතින් සිදුවන අනේකවිධ පින්කම් අතරින් තවත් දුලබ වූ කිරි මවුවරුන් සඳහා වූ දානයක අසිරිය දැක බලා සියල්ලෝම සාදු නාද දුන්හ.

 

 

 

 

වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් 05 වන දා සිකුරාදා අපර භාග 01.02 ට ලබයි.
6 වන දා සෙනසුරාදා පූර්වභාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 05 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 13 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]