Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මුල්ගල තැබීම 30 දා

“2600 සම්බුද්ධ ජයන්තිය” නිමිත්තෙන් ත්‍රිපිටකය ඇතුළු බෞද්ධ පොතපත පරිගණක ගතකොට නව ලොවට ගැළපෙන පරිදි ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවලට ලබාදීම වෙනුවෙන් ආරම්භ කරන පරිගණක පුස්තකාලයට මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවය මෙම මස 30 දින පෙරවරුවේ දී අමරපුර නිකායේ අමරපුර පාර්ශ්වයේ මහෝපාධ්‍යාය අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සහ කාරක සංඝ සභික භික්‍ෂූන්වහන්සේ ප්‍රමුඛ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ සුරතින් ඩඩ්ලිසේනානායකාරාම විහාරස්ථානයේ දී සිදු කෙරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.