Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්ම පද සැහැල්ල - 30 කොටස

‘ධම්මපද සැහැල්ල’ පසුගිය පත්‍රයේ පළවූයේ 29 වන කොටසය. එය 28 වන කොටස ලෙස පළවූයේ ප්‍රමාද දෝෂයකිනි.

දණ්ඩ වග්ගය

129 සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා -න හනේය්‍ය න ඝාතයෙ.

දඬුවමට, මරණයට බිය, නොවන කෙනෙකු නැත. තමා වැනියැයි සිතා පර පණ ද සුරකින්න...

හිතවතුනි, අනුන් වෙත කරුණාව දක්වන්න. එවිට ලෝකය ඔබට ආදරය කරනු ඇත.

130 සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ සං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා - න හනෙය්‍ය න ඝාතයේ

සියලුලෝ දඬුවමට බිය ය. දිවියට පි‍්‍රය ය. තමා වැනි සේ සිතා පර පණ ද සුරකින්න.

හිතවතුනි, අනුන් වෙත හිතැති වූ තැනැත්තේ නිරතුරුව, අනුන්ගෙන් සැලකිලි ලබන්නේ....ය...

131 සුඛ කාමානි භුතානි - යො දණ්ඩේන විහිංසති
අත්තනෝ සුඛමේ සානො - පෙච්ච සො න ලභතෙ සුඛං

තමන්ගේ සැප පතා, අනුන්ගේ සැප නසන, කිසිවකුට පරලොවින් සැපක් නොලැබෙන්නේ ය.

හිතවතුනි, අන් අයට හිතවත්ව හැසිරෙන්න. එවිට ඔවුනුන් ඔබට හිතවත්ව සිටිනු ඇත.

132 සුඛකාමානි භුතානි - යො දණ්ඩේන න හිංසති
අත්තනො සුඛමේ සානො - පෙච්ච සො ලභතෙ සුඛං

තමන්ගේ සැප පිණිස, පර පණත් නොනස්නා, උතුමන්ට පරලොවත්, සැප ම හිමි වන්නේ... ය...

හිතවතුනි, අනුන්ගේ පණ රකින තැනැත්තා, නිසැක ලෙස තමන්ගේ පණ ද රැක ගන්නේ... ය....

133 මා වො ච ඵරුසං කඤ්චි – වුත්තා පටිවදෙය්‍යු තං
දුක්ඛා හි සාරම්භ කථා - පටිදණ්ඩා ඵුසෙය්‍යු තං

නපුරු බස් කියන්නා, නපුරු බස් ලබනු ඇත. ගැටුම් ඇතිවන වචන, බැහැර කළ යුත්තේ ය.

හිතවතුනි, නිරතුරුව, මෘදු වචන පවසන්න. මුළු ලොවම ඔබ සමඟ, මිතුරු වී සිටිනු ඇත.

134 ස වෙ නෙ රෙසි අත්නානං - කංසො උපහතො යථා
ඵස පත්තෝ සි නිබ්බාණං - සාරම්හෝ තෙ න විජ්ජති

වචන නිසසල වුණො ජීවිතය නිසල වේ. එවිට අරගල කිසිත්, ඇති නොවී නිසල වේ.

හිතවතුනි, වචනයෙන්, බොහෝ අරගල සෑදේ. වචනයේ සංවරය, ඉතාමත් වැදගත් ය.

මතු සම්බන්ධයි

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.