Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම මෙවරත් පසුගිය 19 වන දා පවත්වන ලදී. වැලිගම ශාසනාරක්‍ෂක මණ්ඩලය වෙනුවෙන් 3 වන ශ්‍රේණියේ දහම් දැනුම තරඟයට ඉදිරිපත්ව ප්‍රථම ස්ථානය දිනාගත් කේ.එච්. චෙත්මි බෙනාරා සිසුවිය මිරිස්ස ශ්‍රී ප්‍රඥාලෝක දහම් පාසලේ ප්‍රධානාචාර්ය අහංගම පියගුණ හිමියන්ගෙන් ඇයට හිමි ත්‍යාගය සහ සහතික පත්‍රය ලබාගත් අවස්ථාව.

මහර මැතිවරණ කොට්ඨාසයේ විහාරස්ථාන වලට ධර්මාසන ලබාදීම පසුගියදා සිදු කෙරිණ. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතාගේ් ප්‍රධානත්වයෙන් ධර්මාසන 12 ක් මහර ප්‍රදේශයේ විහාරස්ථාන 12 කට බෙදාදීම සිදු කෙරිණ. නියෝජ්‍ය ඇමැතිවරයා විහාරස්ථානයකදී ධර්මාසනයක් පූජා කල අයුරුයි මේ.

සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්
බුද්ධ ශ්‍රාවිකාවන් 3000කට දානමය පින්කමක්

එළඹෙන 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් බුද්ධ ශ්‍ර‍්‍රාවිකාවන් 3000ක් උදෙසා උපහාර උදාන මහා දානමය පින්කමක් (5 දින) කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත මහා විහාරස්ථානයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ බුද්ධ ශ්‍රාවිකාවන් 3000ක් සහ මහා සංඝ රත්නය 200ක් පමණ මෙම පින්කම් අවස්ථාවට සහභාගි වූහ.තායිවානයේ ප්‍රධාන සංඝනායක ජනාධිපති උපදේශක මානෙල්වත්ත මහා විහාරාධිපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත් වූ මෙම පූජෝත්සවයට තායිවානයේ චිසෝ හුවාසන් ඉඩිං සංඝ ආරාමාධිපති මෙහෙනින් වහන්සේ ප්‍රධාන තායිවානයේ බුද්ධ ශ්‍රාවිකාවෝ විශාල පිරිසක්ද සහභාගි වූ අතර අග්ග මහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහ නාහිමිපාණන් ප්‍රම්‍රඛ මහා සංඝ රත්නය ද සහභාගි වූහ. කථානායකවරයාගේ බිරිඳ චන්ද්‍රා රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇමැති බිරිඳ පුෂ්පා රාජපක්ෂ, බෞද්ධ සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල ඇතුළු දේශීය ප්‍රභූවරුන් ද සහභාගි වී දානය පිළිගැන්වූහ. තුන් දහසක් පමණ වූ බුද්ධ ශ්‍රාවිකාවෝ මානෙල්වත්ත මහා විහාරස්ථානය කරා පිණ්ඩපාත දානය සඳහා වැඩම කළ අයුරු.
සටහන සහ ඡායාරූපය - බියගම විශේෂ රංජිත් අම්පිටියාවත්ත

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.