Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රත්මලාන බෝධිරුක්‍ඛාරාමයේ ගුණ සමරුව හා කඨින පින්කම

රත්මලාන බෝධිරුක්‍ඛාරාමයේ විහාරාධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ අමරපුර සිරි සද්ධර්ම යුක්තික මාතර නිකායේ මහානායක ධුරන්දරව වැඩ විසූ වැලිකඩ සිරි ඤාණිස්සර මහ නාහිමියන්ගේ 36 වන ගුණ සමරුව සහ වාර්ෂික කඨින පින්කම නිමිත්තෙන් දම් දෙසුම් මාලාවක් අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර නිකායේ අනුනායක කළුතර ඤාණාවාස අනුනාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

18 වන දා බොරැල්ලේ කෝවිධ හිමි, 19 වන දා දීගල පියදස්සි හිමි, 20 වන දා අම්බලංගොඩ ධම්මාලංකාර හිමි, 21 වන දා කරපුටුගල ඉන්දරතන හිමි, 22 වැනි දා කතරගම මහින්ද හිමි, 23 වන දා තන්තිරිමුල්ලේ සරණහිමි, 24 වන දා ලේල්වල තපස්සි හිමි එම දම් දෙසුම් පවත්වති. 24 වනදා අලුයම කඨින මහා පින්කම සිදු කැරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.