Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 28 කොටස

122. මා පපමඤ්ඤේථ පුඤ්ඤස්ස - න මං තං ආගමිස්සති
උද බින්දු නිපාතෙන - උදකුම්භෝ, පි පූරති
පූරති ධිරො පුඤ්ඤස්ස - ථොක ථොකම්පි ආවිනං

ටිකෙන් ටික පින් කරන – තැනැත්තාගේ දිවිය අන්තිමේ පින්වලින් පිරී ඉතිරෙන්නේ... ය.

හිතවතුනි, පින්කමට- යොමු වීම පින්කමකි- පින් ම එක්රැස්වීම මහා සැප උල්පතකි.

123. වාණිජෝ ව භයං මග්ගං - අප්පසත්ථෝ මහද්ධනෝ
විසං ජීවතුකාමෝව පාපානි - පරිවජ්ජයෙ

ධනවත්තු සැක සහිත - දුර ගමන් අත්හරිති - “ජීවිතය කැමැත්තෝ - වස විසෙන් මග හරිති...

හිතවතුනි , හැම විට සිහි ඇතිව හැසිරෙන්න - එවිට හැමවිට ඔබට රැකවරණ ලැබෙනු ඇත.

124. පාණිම්හි චෙ වණො නාස්ස - හරෙය්‍ය පාණිනා විසං
නාබ්බණං විස මන්වේති – නත්ථි පාපං අකුබ්බතො

හිත දැහැමි නොවේ නම් - පවට බර වන්නේය - පවක් සිදු නොවේ නම් දුක ද නොලැබෙන්නේ ය.....

හිතවතුනි, හිත කිලිටි නොවන සේ රැක ගන්න . එවිට දුක් බැහැර වී සැප ම හිමි වන්නේ ය..

125. යො අප්පදූට්ඨස්ස නරස්ස
දූස්සති සුද්ධස්ස ජොසස්ස අනංගණස්ස
තමේ ව බාලං පච්චේති පාපං
සුබුමොරජො පටිවාතං ව ඛිත්තො

උතුම් සිල්වත් අයට විපත් ඇති කරන්නා එහි නපුරු විපාකය නිසැකව ලබන්නේ ය.

හිතවතුනි , සිල්වතුන් පුදා පින් කර ගන්න. එය ඔබට නිසැක ලෙස දෙලොව සැප සාදනු ඇත.

126. ගබ්භමෙකෙ උප්පජ්ජන්ති - නිරයං පාප කම්මිනො
සග්ගං සුගතිනො යන්ති - පරිනිබ්බන්ති අනාසවා

කෙනෙක් යළි දරු ගැබක තව කෙනෙක් සුගතියක - උපදිතත් රහත් වූ සියල්ලෝ පිරිනිවෙති.

හිතවතුනි , මේ සසර ගමන් මග කෙදින හෝ “ නිවන “ නම් වූ තැනින් අවසාන කර ගන්න.

127. න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජතී සො ජගතිප්පදෙසෝ
යත්ථට්ඨිතෝ මුඤ්චෙය්‍ය පාපකම්මා

අහසේ ද පොළවේද ගුහාවක ද මුහුදේද සැඟවුණත් පාපයේ විපාකය එන්නේය.

හිතවතුනි, ඔබ අතින් කෙරෙන හැම වරදට ම නපුරු දුක් විපාකය ඔබ කරා එන්නේය.

128. න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ක්‍ධ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජතී සො ජගදිප්පදේසො යත්ථට්ඨිතං
නප්පසහෙථ මච්චුති

අහසේ ද පොළොවේද ගුහාවක ද මුහුදේ ද සැඟවුණත් මරණයෙන් මිදෙන්නට නුපුළුවන.

හිතවතුනි ජීවිතය මරණයෙන් නිමා වේ. එයද අමතක නොකොට හොඳින් ජීවත් වන්න.

මතු සම්බන්ධයි


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.