Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉබ්බාගමුව මහමෙව්නා අසපුවේ වස්සාන ධර්ම දේශනා මාලාව

ඉබ්බාගමුව මහමෙව්නා භාවනා අසපුව මගින් වස් පින්කම් මාලාවක් සංවිධානය කර ඇත. “සොඳුරු වස්සානයේ මහමෙව්නාවෙන් ඇද හැලෙනා අමා සදහම් දියවර “ නමින් නම් කර ඇති මෙම පින්කම් මාලාව මෙම මස 02 වැනිදා සිට 23 වැනිදා දක්වා උදෑසන 8 සිට සවස 4 දක්වා සති අන්ත දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම මස 02 වැනිදා අච්ඡරීය අබ්භූ®ත සූත්‍රය සහ විපස්සී සූත්‍රය, 03 වැනි දින - ඛග්ගවිසාන සූත්‍රය, ඉසිගිලි සූත්‍රය, 09 වැනි දින ථේර ථේරී ගාථා ඇතුළත් චතුරාර්ය සත්‍යදේශනා, 10 වැනි දින ධම්මපදය ඇසුරු කරගත් දේශනා, 16 වැනි දින සුත්ත නිපාතය ඇසුරු කරගත් දේශනා, 17 වැනිදින ධාතුන් වහන්සේලා සහ පේත වත්ථු / විමාන වත්ථු දේශනා, 22 වැනි දින පටිච්චසමුප්පාදය ඇතුලත් දේශනා 23 මහමෙවුනාවේ ස්වාමින් වහන්සේලා මෙහෙයවනු ලබන සර්වරාත්‍රික පිරිත් පින්කම පැවැත්වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.