Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 ධම්මපද සැහැල්ල - 28 කොටස

පාප වග්ගය

116. අභිත්ථරේථ කල්‍යාණෙ - පාපා චිත්තං නිවාරයේ
දන්ධං හි කරොතො පුඤ්ඤං - පාපස්මිං රමතී මනො

පිනට යොමු වී පවෙන් - වෙන්ව ජීවත් වෙන්න - නැතොත් නොදැනුවත්ව ම පවට යොමු වන්නේ.... ය.....

හිතවතුනි; පින්කමෙන් සතුට හිමි වන්නේය - පාපයෙන් ජීවිතය දුකට යොමු වන්නේ ය.

117. පාපං චේ පුරිසෝ කයිරා - න තං කයිරා පුනප්පුනං
න තම්හි ජන්දං කයිරාථ - දුක්ඛො පාපස්ස උච්චයො

නොදැන කළ වරදකට - නැවත යොමු නොවිය යුතු - ‘වරද’ යනු පාපයකි - පාපයෙන් දුක ලැබේ....

හිතවතුනි, වරදකට - යොමුවීම පුරුද්දක් - නොකරගත යුත්තේ්ය - එය විනාසෙට මුලය....

118. පුඤ්ඤං චේ පුරිසො කයිරා - කයිරාථෙ තං පුනප්පුනං
තම්හි ජන්දං කයිරාථ - සුඛො පුඤ්ඤස්ස උච්චයො

සැදැහැයෙන් කරන පින - වෙත නැවත යොමුවන්න. - පිනක් යනු යහපතකි - ඒ නිසා සැප ලැබේ... හිතවතුනි, නිරතුරුව - යහපතට යොමු වන්න - යහපතක් යනු පිනකි - පින් නිසා සැප ලැබේ.

119. පාපොපි පස්සති භද්‍රං - යාව පාපං න පච්චති
යදා ව පච්චති පාපං - අථ පාපො පාපානි පස්සති

පාපයක් පල දෙන්ට - පළමුවෙන් යහපත්ය - පල දෙන්ට පටන්ගත් - දිනට එය දුක් ගොඩකි.

හිතවතුනි; පාපයේ - දරුණු බව දැනෙන්නේ - එහි නරක විපාකය - ලැබෙන මොහොත් සිට ය.

120. භද්‍රෝපි පස්සති පාපං - යාව භද්‍රං න පච්චති,
යදාච පච්චති භද්‍රං - අථ භද්‍රෝ භද්‍රානි පස්සති.

කළ පිනක් පල දෙන්ට – පළමු එය නිසසලය - පල දෙන්ට පටන් ගත් - පසුව එය මහ සැපකි.

හිතවතුනි; තුන් දොරින් - හොඳ දෙයට යොමු වන්න - සසර වසනා තුරා - ඔබට සැප ලැබෙනු ඇත.

121. මාප්පමඤ්ඤේථ පාපස්ස - න මන් තං ආගමිස්සති
උද බින්දු නිපාතෙන - උදකුම්භෝ පි පුරති,
පූරති බාලො පාපස්ස - ථොක ථොකම්පි ආචිනං

ටිකෙන් ටික පව් කරන - අමනයාගේ දිවිය - අන්තිමේ පව්වලින් - පිරි ඉතිරෙන්නේ.... ය.....

හිතවතුනි; වරදකට - යොමුවීම වැරැද්දකි - වැරැදි එක්රැස්වීම - මහා දුක් උල්පතකි.....

මතු සම්බන්ධයි


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.