Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුපුත් මවුපිය උපහාර උළෙල

යුද ගැටුම් පැවැති සමයේ ත්‍රස්තවාදී තර්ජනවලට නිර්භීතව මුහුණ දෙමින් උතුරු නැගෙනහිර විහාරස්ථානවල වැඩවිසූ භික්ෂූන් වහන්සේලාගේ මවුපියන් අගැයීමේ වැඩපිළිවෙලක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සැකසෙයි.

‘’බුදුපුත් මවුපිය උපහාර උළෙල’’ නම් වූ එම වැඩ පිළිවෙළෙහි සමාරම්භක උත්සවය ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ශ්‍රී‍්‍ර මහා බෝ සමිඳුන් අබියස දී 3 වන දා පැවැත්වේ.

අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ මග පෙන්වීම යටතේ අගමැති කාර්යාලය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ පියුම් වැස්ස ව්‍යාපාරය එක්ව සංවිධානය කරන බුදුපුත් මවුපිය උපහාර උළෙල දිසා මට්ටමින් පැවැත්වීමට සංවිධායකයෝ අදහස් කරති. අනාරක්ෂිත ගම්මානවල රැඳී සිටිමින් මේ භික්ෂූන් වහන්සේ කළ මෙහෙය අගයමින් උන්වහන්සේලාගේ මවුපියන්ගේ සුබසෙත උදෙසා අරමුදලක් පිහිටුවීමත් ප්‍රමුඛතාව ලැබෙන හැඳුනුම්පතක් ලබාදීමත් මෙහිදී සිදු කැරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.