Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම විපශ්‍යාරාමයේ පෙරහර

මහරගම ශ්‍රී විපශ්‍යාරාම විහාරස්ථානය (පුවක්පිටිය පන්සල) පුරා 33 වසරක් අඛණ්ඩව පවත්වා ගෙන ආ ඇසළ පෙරහර මේ මස 24 හා 25 යන දිනවලදී පැවැත්වේ.

උඩ, පහත, සබරගමු, නැටුම්වලින් අලංකාර වන මහරගම ඇසළ පෙරහර මෙවර අලි ඇතුන් 20 ක් ගමන් කරනා බව විහාරාධිපති බ්‍රාහ්මණගම රතනසිරි නා හිමියෝ පැවසූහ. 24 වන දා රාත්‍රී මහරගම නගරයේ පමණක් සංචාරය කරන පෙරහර 25 වන දා රාත්‍රියේ දී පෙරහර වීථි සංචාරයේ යෙදීමට නියමිතය. 26 දා උදේ දේවදානයෙන් අනතුරුව පින්කම් මාලාව අවසන් වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.